කොරෝනා වසංගතය පාලනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවලට තවත් බලතල පැවරෙන රෙගුලාසි ඇතුළත් නව ගැසට් නිවේදනයක් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් මේ සතියේදී නිකුත් කෙරෙනු ඇත.
නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ ඇමැතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නව රෙගුලාසි පැනවේ.
මෙමඟින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ට ද නව බලතල පැවරෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.
කොරෝනා වසංගතය පාලනය සම්බන්ධයෙන් වරින් වර විධාන පැනවීමට, චක්‍රලේඛ සහ නියෝග පැනවීමට මේ යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට බලය පැවරෙනු ඇත.
මහ මැතිවරණය පැවැත්වීමට අදාළව සෞඛ්‍ය අංශ විසින් දෙන ලද නිර්දේශවලට අදාළ මාර්ගෝපදේශ ද මෙම ගැසට් නිවේදනයට ඇතුළත් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.
මීට අමතරව නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම, රෝගීන් හඳුනාගැනීම, පරීක්ෂණවලට ලක් කිරීම, නිරෝධායන මධ්‍යස්ථානවලට ඇතුළත් කිරීම ආදී කාරණා සම්බන්ධයෙන් මෙම නව රෙගුලාසි පැනවෙන බව වාර්තා වේ.
කොරෝනා වසංගතය පාලනය සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් මීට පෙර ගැසට් නිවේදන දෙකක නිකුත් කරනු ලැබූ අතර මෙය ඒ සම්බන්ධයෙන් නිකුත් කරන තුන්වන ගැසට් නිවේදනය වේ.
කොරෝනා වසංගතය නිරෝධායන පනත යටතට ගැනෙන රෝගයක් ලෙස නම් කරමින් පළමු ගැසට් නිවේදනය ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිසි බලධරයා කරමින් දෙවැනි ගැසට් නිවේදනය ද සෞඛ්‍ය ඇමතිනි පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය විසින් මීට පෙර නිකුත් කරනු ලැබීය
තුන්වන ගැසට් නිවේදනය මේ සතියේදී නිකුත් කිරීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...