ලීසිං පාතාලය මැඩපැවැත්වීම සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වීමට මහබැංකුව තීරණය කර තිබේ.
ඒ අනුව නීතිවිරෝධි ලෙස සහ බලපත්‍ර රහිතව ක්‍රියාත්මක වන ලීසිං සමාගම් 500කට අධික ප්‍රමාණයකට එරෙහිව පියවර ගැනීම සදහා විශේෂ කමිටුවක් අද (16) දිනයේ පත් කිරීමට මහබැංකු අධිපතිවරයා තීරණය කර ඇත.
අනතුරුව මෙම කමිටුව විසින් අදාළ නීතිවිරෝධී ලීසිං සමාගම් සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබද දැනුවත් කරමින් වාර්තාවක් මහබැංකු අධිපතිවරයා වෙත ලබා දීමට නියමිත බවද දැනගන්නට ඇත.
පසුගිය සතියේ ලීසිං ආයතනයක සීසර්වරුන් පිරිසක් විසින් ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමට පියවර ගැනීමෙන් පසු මහබැංකුව මෙම පියවර ගෙන තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...