දේශීය පුවත්

සමගි ජනබලවේගයේ අපේක්ෂකයන් සහ පක්ෂ නායකත්වය අතර ඇති ගැටුම තවදුරටත් උත්සන්න වෙමින් පවතින බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා ලැබී තිබෙන දෙමළ පක්ෂයක හිටපු අමාත්‍යවරයෙක් දැනටමත් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයට තමා එකඟ නැති බව පවසා තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය තනිවම ආරම්භ කොට ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මැතිවරණ කටයුතුවලින් ඉවත්වීමට හේතුව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් මංගල සමරවීරට දේශපාලන වේදිකාවේ කතා කළ යුතු ආකාරය සහ දේශපාලනයේදී හැසිරිය යුතු ආකාරය පිළිබඳ උපදෙස් ලබාදීම නිසා ඇති වූ මත ගැටුමක් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මීට අමතරව හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ අපේක්ෂක ලැයිස්තුවේ එකම කුලයට අයත් තිදෙනෙක් ඇතුළත් වී සිටින නිසා සෙසු අපේක්ෂකයන් මැතිවරණ සටනින් ඉවත්වීමේ සූදානමක් ඇති බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More