දේශීය පුවත්

ආර්. ප්‍රේමදාස මහතා ජනාධිපති තනතුරට පත්වූයේ එක්සත් ජාතික පක්ෂයෙන් පැමිණි නිසා බවත් එජාපයට නායකයන් බිහි විය යුත්තේ එජාපය තුළින්ම මිස වෙනත් පක්ෂවලින් නොවන බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද (15) සිරිකොත එජාප මූලස්ථානයේ පැවති එජාප තරුණ හමුවක් අමතමිනි.

එජාපය ගොඩනැගිය යුත්තේ සන්ධාන මිස තවත් පක්ෂ නොවන බව ද එජාප නායකයා අවධාරණය කරනවා. පක්ෂය කඩාගෙන ගොස් වෙනත් පක්ෂ නිර්මාණය කරන පුද්ගලයන්ට එජාප නායකත්වයට පැමිණිය නොහැකි බවත්, ඉදිරියේදී ශ්‍රී ලාංකික අනන්‍යතාවය, බුදුදහමට ප්‍රමුඛතාවය හිමිවන වැඩපිළිවෙලක් ඔස්සේ පක්ෂය තුළින්ම සිහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන්ගේ නායකත්වයෙන් එජාපය ජයග්‍රහණය කරා ගෙනයන බව ද වික්‍රමසිංහ මහතා පවසනවා.

පක්ෂය කඩාගෙන ගිය සජිත් ප්‍රේමදාස මහතා දිගින් දිගටම ආරක්ෂා කළේ මන්දැයි සභාවෙන් මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එජාප නායකයා සඳහන් කළේ ආනගත පක්ෂ නායකත්වය වෙනුවෙන් තරුණ පිරිසක් නිර්මාණය කිරීමට තමන් කටයුතු කළ බවයි. සියලු දෙනාම එකතුව ගමනක් යෑමට තමන් උත්සාහ කළ බවද ඔහු අවධාරණය කළේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More