තමන්ගේ ඥාතීන්ට, හිතවතුන්ට හෝ උපකාර කළ පිරිසට ණය දෙන ලෙස කිසිවිටක තමන් බැංකු වලට උපදෙස් ලබාදී නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි
ලංකා බැංකුවේ ප්‍රගතිය සම්බන්ධයෙන් අද පැවති සමාලෝචන රැස්වීමේදී ජනාධිපතිවරයා කියා සිටියේ ගොවියාගේ සිට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවාට සහ ආයෝජකයන් අපේක්ෂා කරන මුල්‍ය සහන ලබාදීමට රාජ්‍ය බැංකු පෙරමුණ ගත යුතු බවය.
ණය සඳහා ඉලක්කම් 02 ක පොළියක් අය කිරිමෙන් රටක අපේක්ෂා ඉටුකළ නොහැකි බවත් එය තනි ඉලක්කමක පහළ අගයකට ගෙන ඒමෙන් සංවර්ධනය සඳහා දායකවිය හැකි බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.
අද පවතින තත්ත්වයට ලෝකයේ කිසිදු රටක් මෙතෙක් මුහුණ දී නොමැති බව පැවසූ ජනාධිපතිවරයා ඉන් මිදීමට පැරණි රටාවෙන් ඔබ්බට සිතිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආර්ථිකය නගා සිටුවිම සාම්ප්‍රදායික ක්‍රමවේදයෙන් පමණක් සිදුකළ නොහැකි බවද කියා සිටියේය.
ඥාතීන්ට, හිතවතුන්ට ණය සහන දෙන්න මා කිසි දිනක බලපෑම් කර නෑ…
ඥාතීන්ට, හිතවතුන්ට ණය සහන දෙන්න මා කිසි දිනක බලපෑම් කර නෑ…ජනතාවට සහන දෙන්න – ජනපති බැංකු නිලධාරීන් හමුවේ කියයි
Gepostet von හෙට රට am Montag, 15. Juni 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...