දේශීය පුවත්

ඇවන්ගාඞ් සමාගම රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමට, හිටපු අමාත්‍යවරුන් වන , විජේදාස රාජපක්ෂ, පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහත්වරුන් ඇතුලු 18 දෙනෙකුට ලබන 17 වැනිදාට දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කර තිබේ.

ඇවන්ගාඞ් සමාගම අත්තනෝමතික ලෙස රජයට පවරා ගත් බවත් එයින් තමන්ට අලාභ සිදුවු බවත් පවසමින් ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලකට අනුව මෙම කැඳවීම සිදුකර ඇති බව කොමිසමේ ප්‍රකාශකයෙක්  පැවසීය.

ඉහත සඳහන් කළ දේශපාලනඥයින් පස්දෙනාට අමතරව හිටපු නාවුක හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන, හිටපු සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත්, හිටපු සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ, අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර, පොලිස් පරීක්ෂක අලුත්ගේ සෙනරත්, සහකාර පොලිස් අධිකාරී ලසන්ත රත්නායක, වසන්ත නවරත්න බණ්ඩාර, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එස්. ඒ. ඩී. ගුණවර්ධන, ලුතිනන් කමාන්ඩර් ඩබ්. එච්. පී. විරසිංහ, රියර් අද්මිරාල් නිලන්ත හීනටිගගල, ජනාධිපති නීතිඥ උපුල් ජයසුරිය, ගාල්ල වරාය පොලිසියේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දුකද සිල්වා, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර යන මහත්ම මහත්මින් වෙත මෙලෙස නොතිසි නිකුත් කර ඇති බව ඔහු පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More