ඉන්දියාවේ කොරෝනා රෝගීන් වාර්තාගත ලෙස ඉහළ යාමත් සමග ලංකාවේද කොරෝනා දෙවැනි රැල්ලක් මතුවීමේ දැඩි අවදානමක් මතුව ඇති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු ඇඟවීමක් කර ඇත.
එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අංශ මගින් නිකුත් කර ඇති නිර්දේශයන් තවදුරටත් දැඩිව පිළිපැදිය යුතු බවත්, ජනතාව මේ වනවිට වෙනදා මෙන් සාමාන්‍ය ජීවන රටාවට යොමුවෙමින් සිටින තත්ත්වයක් යටතේ විශාල අවදානමක් මතුව ඇති බවත්ය.
එමෙන්ම ඉන්දීය ජාතිකයන් මැදිහත් වී සිදු කරන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වෙළදාම, මුහුද මැද මාළු හුවමාරු කරගැනීම් ආදිය හේතුකොටගෙන රට ඇතුළට වයිරසය නැවත පැමිණීමේ අනතුරක් මතුව ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.
එමනිසා වහාම ආණ්ඩුව මැදිහත් වී ජනතාව දැනුවත් කළ යුතු බව පෙන්වා දෙන උපුල් රෝහණ මහතා එසේ නොමැති වුවහොත් කොරෝනා දෙවැනි රැල්ලක් ලංකාව තුළ මතුවීම නොවැළැක්විය හැකි බවද සදහන් කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...