දේශීය පුවත්

වැල්ලවත්ත  ඊශ්වරී මාර්ගයේ ගමන් ගත් මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරින් ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රරත්න මාපිටිගම මහතාගේ දියණිය ජීවිතක්ෂයට පත් ව ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ පිලියන්දල ගොරකා පිටිය  සමන්පුර අංක 59/B හි පදිංචි  වීණාවි සුලක්ඛනා මාපිටිගම (41) කාන්තාවක බව පොලිසිය කියයි.

මියගිය කාන්තාව මෝටර් රථයකින්  තම සැමියා සමඟ (15) අලුයම පාමංකඩ දෙස සිට වැල්ලවත්ත දෙසට යාම සඳහා ඊස්වරී මාර්ගයට හර වනවාත් සමග  ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් මෝටර් රථ දෙකෙහි රියදුරන් දෙදෙනාට සහ මෙම කාන්තාවට තුවාල වි තිබීම  නිසා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මෙම කාන්තාව මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා විසින්  කළුබෝවිල හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී (15) සිදුකිරීමට නියමිතය.

අනතුර  සිදුකළ මෝටර් රථයේ රියැදුරු දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සුව වූ වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසියේ පො.කො.(37308) කොස්වත්ත නිලධාරීහු පරීක්ෂණ පවත්වති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More