හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වු ත්‍යාග ප්‍රධාන උත්සවයක් නවතා දැමිමට මැතිවරණ කොමිසම විසින් පියවර ගෙන තිඛේ.
පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී මෙම උත්සවය සංවිධානය කර තිබු අතර එහිදී 2019 වසරේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් විශ්ව විද්‍යාල වරම් ලබා ගත් සිසුන්ට ඇගයිමට සැලසුම් කර තිබුණි.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්ව සිටියේය.
මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබා දෙන නියෝග පිළිගනිමින් තමන් මෙම උත්සවයෙන් පිටව යන බව මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත.
මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයට තරගවදියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...