දේශීය පුවත්

නීතිවිරෝධී ලීසිං මාෆියාව මැඬපැවැත්වීම සඳහා තමන් සතු බලතල ක්‍රියාවට නැඟීමේදී ශ්‍රී ලංකාව මහබැංකුව ඉතාම මන්දෝත්සාහී වී ඇති බවත් ලීසිං මාෆියාවට මිනිස් ජීවිත බිලිගැනීමට හැකියාව ලැබීම පිළිබඳ තමන් ලැජ්ජාවට පත්වන බවත් කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

“ත්‍රීරෝද රථ සංගමයේ සභාපතිවරයෙක් විදියට කටයුතු කරපු සුනිල් ජයවර්ධන මහත්මයා ලීසිං මාෆියාවේ මැරකල්ලි විසින් පහරදීලා මහදවල් මරාදමනු ලැබ තිබෙනවා. මේ සිද්ධිය දැකපු මේ රටේ හදවතක් තියෙන හැම මිනිහෙක්ම ඉමහත් වේදනාවට හා කම්පාවට පත්වුණා.

මෙතනදි ඉතාම කණගාටුදායක දේ තමයි ශ්‍රී ලංකා මහබැංකුව ලියාපදිංචියකින් තොරව, තමන්ගේ අනුමැතියකින් තොරව මේ විදියේ මූල්‍ය ආයතන ක්‍රියාත්මක වීම පිළිබඳ සොයාබැලීම ඉතාම මන්දෝත්සාහී විදියට සිදුවෙන්නේ. ඒ සොයාබැලීමේ තියෙන දුර්වලතාව තමයි මේ නීතිවිරෝධී ලීසිං ආයතන පාවිච්චි කරන්නෙ. මේ නීතිවිරෝධී මැර ලීසිං ව්‍යාපාරය වහාම නතර කිරීම මේ රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් කළයුතුව තිබෙන දෙයක්.

ඇත්ත වශයෙන්ම අපි කණාගාටුවට පත්වෙනවා, ලැජ්ජාවට පත්වෙනවා මේ වගේ නීතිවිරෝධී ලීසිං ව්‍යාපාර මේ රට තුළ ක්‍රියාත්මකව තිබිම සහ ඔවුන්ට නීතිය අබිබවා ගිහින් මේ රටේ මිනිස්සුන්ගේ දේපළ හා ජීවිත අත්පත් කරගන්න, ගොදුරු කරගන්න හැකියාව ලැබී තිබීම ගැන.

ප්‍රමාදවෙලා හරි මීළඟ පාර්ලිමේන්තුව මේ ලීසිං මාෆියාව මේ රටේ ක්‍රියාත්මක නොවෙන තත්වයකට පත්කළ යුතුයි. ඒවගේම මහබැංකුව කියන ආයතනය කුඹුරේ හිටවපු පඹයෙක් බවට පත්වෙලා ඉන්නෙ නැතුව තමන් සතුව තිබෙන නීත්‍යානුකූල බලය මේ විදියේ නීතිවිරෝධී ලීසිං සමාගම් මැඬපැවැත්වීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතුයි” යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More