ඉන්දියාවේ කොවිඩ් -19 වසංගතය සමනය වනතුරු ‘ඩාවුඩ් බෝරා ප්‍රජාවේ’ ආධ්‍යාත්මික ආචාර්ය සයිඩ්නා මෆාඩාල් සයිෆුඩීන් ඇතුළු අනුගාමිකයන් හතළිස් පස්දෙනකුට මෙරටට පැමිණ රැඳී සිටීම සඳහා අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් කරන ලද ඉල්ලීමකට ශ්‍රී ලංකාව අනුමැතිය ලබාදී ඇත.
‘‘බෝරා ප්‍රජාවේ ආධ්‍යාත්මික නායකයා සහ අනුගාමිකයන් හතළිස්පහක පිරිසක් ලංකාවට එන්න අවසර ඉල්ලා තියෙනවා. ඒ නායකයන්ට සලකන්නේ රටක නායකයෙක් විදිහට. ඔවුන්ගේ නිවාඩු නිකේතනයක් බණ්ඩාරවෙල තියෙනවා. එතනට එන්න අවසර ඉල්ලා තියෙනවා. අපි ඒකට අවසර ලබාදීල තිබෙනවා‘’ විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි
මෙම පිරිස ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ කොවිඩ් -19 වයිරසය වැළැක්වීම සම්බන්ධයෙන් රජයෙන් පනවා ඇති සියලු මාර්ගෝපදේශයන්ට අනුකූලව බවද අතිරේක ලේකම්වරයා පැවසීය.
සබැඳි පවත් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...