දේශීය පුවත්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව මහමැතිවරණය පැවැත්වීමට හැකියාවක් ඇති බව අද පැවති ආදර්ශ මැතිවරණයෙන් පෙනී ගිය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පවසයි.

අම්බලන්ගොඩ විලේගොඩ ධම්ම යුක්තිකාරාම විහාරස්ථානයේ අද පැවති එම ආදර්ශ මැතිවරණයෙන් පසු මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව කියා සිටියේය.

ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙන ඡන්ද දායකයන්ගේ දෑත් පිරිසිදු කිරීම සඳහා විෂබීජනාශක දියර යොදා ගැනීමට ද මෙහිදී තීරණය වූ බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ. මහමැතිවරණයට වැය වන වියදම ගණනය කිරීමට සිදු වන්නේ තවත් දෙසතියකින් පමණ බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණි.

මහමැතිවරණය පැවැත්වීම ප‍්‍රවේශම්කාරීව සිදු කළ යුතු බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

සබැඳි පුවත් –

“ආදර්ශ ජන්ද විමසීම ” ඇරඹෙයි..ඉදිරි මහ මැතිවරණය පවත්වන්නේ මෙන්න මෙහෙමයි (Photos)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More