දේශීය පුවත්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ තාවකාලික අධ්‍යක්ෂවරයා ලෙස පත්කළ වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා සිය කැමැත්තෙන්ම එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත .

හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට එරෙහිව එල්ලවී ඇති චෝදනා විමර්ශනය කරන තෙක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ තනතුරේ වැඩ බැලීම සඳහා වෛද්‍ය ෆරීඩ් මහතාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විසින් මාසයක කාලයකට පත්කර තිබූ අතර ෆරීඩ් මහතා ඒ අනුව පසුගිය  5 වන දින එම තනතුරේ වැඩ බාර ගත්තේය .

තමන් එම තනතුරේ තාවකාලිකව වැඩ බාර ගත් දින සිට කිසියම් පිරිසක් වඳසැත්කම් චෝදනාවට ලක්ව සිටින ෂාෆි ෂියාබ්දීන් නමැති වෛද්‍යවරයා සහ තමන් සම්බන්ධ කර ජාතිවාදයක් නිර්මාණය කිරීමට උත්සාහ දැරීම හේතුවෙන් තමන් එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ෆරීඩ් මහතා පැවසීය .

ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට එරෙහි නඩුවක් අධිකරණයේ විභාගයට ගනිම්න් සිටින අවස්ථාවක එම වෛද්‍යවරයා සම්බන්ධ කරගෙන තමන්ට චෝදනා නැඟීම සම්පුර්ණයෙන්ම වැරැදි සහගත ක්‍රියාවක් බවද මෙවැනි වාතාවරණයක් හමුවේ තමන්ට කුරුණෑගල ශික්ෂණ රෝහලේ රාජකාරි කිරීම අපහසු බැවින් මෙසේ තනතුරෙන් ඉවත් වීමට තීරණය කළ බවද එ් මහතා පැවසීය .

ඒ අනුව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ධූරයේ තාවකාලිකව රාජකාරි කටයුතු සඳහා කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා මහත්මියව නිර්දේශ කර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දන්වා යැවූ බවද වෛද්‍ය ෆරීඩ් මහතා ප්‍රකාශ කළේය .

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂව සිටි වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා එම තනතුරෙන් ඉවත් කර වැඩ බැලීම සඳහා පත් කළ වෛද්‍ය ෆරීඩ් මහතා එම තනතුරෙන් ඉවත් නොකළහොත් ඊට එරෙහිව විරෝධතාවයක් දියත් කරන බව වඳසැත්කම් සිද්ධිය සමිබන්ධයෙන් අගතියට පත් මවුවරුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කළහ .

සබැඳි පුවත් –

කුරුණෑගල රෝහලට වෛද්‍ය සාෆිට හිතවාදී අධ්‍යක්ෂවරයෙක් – සාෆි සමඟ ගැටුණු හිටපු අධ්‍යක්ෂකට හදිසි මාරුවක්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More