දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය හෝ සමගි ජන බලවේගයේ කිසිම පුද්ගලයකු සමග අනාගතයේදී ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාවකට එන්න රජය සූදානමක් නැතැයි හිටපු රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

අනුරාධපුරයේදී පෙරේදා (30 දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසූ ශෙහාන් සේමසිංහ මහතා තවදුරටත් මෙසේ ද සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය පක්ෂ දෙක ඇතුළේ තිබෙන ප‍්‍රශ්නවලට රජය සම්බන්ධ කර ගන්න එපා. මොකද ජාතික රජයකට එක්සත් ජාතික පක්ෂය හෝ සමගි ජනබලවේගයේ කිසිම පුද්ගලයකු සමග අනාගතයේදී එකඟතාවකට එන්න අපි සූදානම් නෑ. ජාතික ආණ්ඩුවකට යන්න අපි සූදානමකුත් නෑ.

මේ පක්ෂ දෙක ඇතුළේ පුදුම අර්බුද තියෙන්නේ.  එක්සත් ජාතික පක්ෂය එකක් කියනවා, සමගි ජන බලවේගය තව එකක් කියනවා. මේ අය ජන්දයක් දීමටවත් සුදුසු පිරිසක් නොවෙයි. තම පක්ෂය ඇතුළේ සත්‍ය තොරතුරු ජනතාවට දෙන්න බැරි කණ්ඩායම් කොහොමද බලයක් ඉල්ලලා ආණ්ඩුවක් ඉල්ලන්නේ.

මොවුන් දෙපාශ්වයම ආණ්ඩුවක් අරගෙන අසාර්ථක වූ පිරිසක්. දැන් එක්සත් ජාතික පක්ෂය කියනවා සමගි ජන බලවේගයේ අය විනය කැඩුවා කියා, ඒ අය කියනවා එක්සත් ජාතික පක්ෂය විනය කැඩුවා කියලා. සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂයට ඇඟිල්ල දික් කරනවා, එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගයට ඇඟිල්ල දික් කරනවා. මින් අපට එකක් පේන්න තිබෙනවා, මේ කිසිවකු මැතිවරණයකට ඉදිරිපත් වී තිබෙන්නේ ජනතාව හෝ පාක්ෂිකය හෝ රට ගැන සිතා නොවේ. තමන්ගේ බලය ස්ථාවර කර ගැනීම සඳහා පමණයි. ඒ නිසා මේ අර්බුදයම මේ අයට ජන්දයක් නොදෙන්න හේතුවක්. ඒ කියන්නේ ජන්දයක් ඉල්ලන්නවත් නොසුදුසු කණ්ඩායම් දෙකක්.

මේ රටේ 2015 දී ජනවරමක් ලබා පාර්ලිමේන්තුවට ගියාම මන්ත‍්‍රීවරු එහෙ මෙහෙ වුවමාරු වුණා. මන්ත‍්‍රීවරු තමන්ගේ බලය රැුක ගන්න, වෙනත් වරප‍්‍රසාදවලට ආණ්ඩු පක්ෂවලට එකතුවූ අවස්ථා දැක්කා. හැබැයි මන්තී‍්‍රවරුන් වෙනස් වූ ආකාරයට ජනතාවත් වෙනස් වුණා නම් මහින්ද රාජපක්ෂ මහතාගේ ජනප‍්‍රියතාවට බලපෑමක් ඇති වනවා. ඒ නිසා මෙතන වැදගත් වන්නේ නායකයා කවුද කියන කාරණාව, කවුද ප‍්‍රතිරූපය ගොඩනගා ගත් නායකයා හා විශ්වාසය දිනාගත් නායකයා කියන එක. ඒ නිසා සමගි ජනබල වේගයටවත් එක්සත් ජාතික පක්ෂයටවත් මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි ජනතාව තබා තිබෙන විශ්වාසය ඇති කර ගන්න බැරි වෙලා තියනවා. ඒ නිසා තමයි සජිත් පේ‍්‍රමදාස මහතා අසාර්ථක වන්නේත් ඔහුගේ ප‍්‍රතිපත්තිය ජනතාව ප‍්‍රතික්ෂේප කරන්නෙත්. ඒ අනුව ජන්දය බුද්ධිමත්ව දෙන්න හොඳම අවස්ථාව මේ දෙගොල්ලෝ අතර තිබෙන ගැටුම තුළ ජනතාවට නිර්මාණය වී තිබෙනවා.

සබැඳි පුවත් –

ඡන්දයෙන් පසුව ජාතික ආණ්ඩුවක් – රවී කරුණානායකගේ නායකත්වයෙන් කණ්ඩායමක් ආණ්ඩුවට – ඇමතිකම් 7 ක් නියෝජ්‍ය 06 ක් – රවීගේ ගෝලයෙකුගේ හඬපටයක්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More