පසුගිය දිනවල ලංකා ලීඩ් වෙත ලැබුණු හඩ පටයක් මඟින් රවී කරුණානායක ප්‍රබුඛ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් මැතිවරණයෙන් පසුව ආණ්ඩුවට එකතු වී ජාතික ආණ්ඩුවක් යටතේ ඇමතිකම් ලබා ගැනීමට අපේක්ෂා කරන බව තහවුරු වන බව ලංකා ලීඩ් විසින් හෙළිදරව් කරන ලදී.
එම හඬ පටය ඉදිරිපත් කරන ලෙස අදාළ පාර්ශව විසින් අභියෝග නොකළද අප එය එළිදරව් කරන්නේ සුදුසු යැයි අප විසින් තීරණය කරනු ලබන අවස්ථාවකදීය. කෙසේ වෙතත් රවී කරුණානායක මහතා විසින් අන්තර්ජාල නාලිකාවකට ලබා දී ඇති වීඩියෝ පටයක් මඟින් ඔහු එවැනි අභිලාශයකින් කටයුතු කරන බව තහවුරු වේ.
ජාතික ආණ්ඩුවකට ඇතුල්වීම මඟින් ඇමතිකම් ලබා ගැනීමට පමණක් නොව බැඳුම්කර වංචාව නිසා සිරගත වීමද වලක්වාගත හැකි සත්‍යයකි. මීට පෙරද රවී කරුණානායක මහතා මෙවැනි ඩීල් මඟින් ස.තො.ස නඩුවෙන් බේරුණු බව රහසක් නොවේ.
සබැඳි පෙර පුවත –
වීඩියෝ හඬ පටය –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...