දේශීය පුවත්

රවි කරුණානායක මහතා ඉල්ලා අස්‌වීම තුළින් ඉතිහාසයේ පළමුවරට අලුත් පාර්ලිමේන්තු සංස්‌කෘතියක්‌ සහ සම්ප්‍රදායක්‌ ඇති කිරීම පිළිබඳ ආඩම්බර වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

රවි කරුණානායක මහතා විදේශ ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වෙමින් විශේෂ ප්‍රකාශයක්‌ කළ පසුව නැඟී සිටි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.

අප පක්‌ෂයේ උපනායක මට කිව්වා මේ තනතුරෙන් ඉවත් වෙනවා කියා. ජනාධිපතිතුමා හමුවී මේ තීරණය ගන්නා බව කීවා. ජනාධිපතිතුමා හමුවුණේ බදාදා. මමත් රාජිත ඇමැතිතුමාත් එතුමා සමඟ ගොස්‌ ජනාධිපතිතුමා හමුවී ඉල්ලා අස්‌වීම භාරදුන්නා. සමහරු අද උදේ කෑගසද්දීත් ඉල්ලා අස්‌වෙලා අවසන්.

බැඳුම්කර කොමිසමේ පරීක්‌ෂණවලට ආණ්‌ඩුව ඇඟිලි ගැසීම් හෝ මැදිහත්වීම් සිදු නොකරන බවට රවි කරුණානායක මහතාගේ ඉවත්වීම කදිම සාධකයක්‌. මෙරට දේශපාලන ඉතිහාසය තුළ මෙවන් අවස්‌ථාවක්‌ දකින්නට නෑ. වර්තමාන ආණ්‌ඩුව යහපාලනය සැබෑවටම යථාර්ථයක්‌ බවට පත්කර තිබෙනවා.

මීට කලින් කොහෙද ඇමැතිවරයෙක්‌ කොමිසමකට ගිහින්, කතාවක්‌ දෙකක්‌ කළා කියා අයින් වුණේ. (ඝෝෂා)

මෙතන අපි පෙන්වන්නේ අලුත් සංස්‌කෘතියක්‌ ඇති කරන්න. එක්‌සත් ජාතික පක්‌ෂයේ කෙනකුට හොරෙක්‌ කීවොත් අපි එහෙම එයාව අයින් කරනවා. අපි හොරු තියා ගන්නේ නෑ. (ඝෝෂා)

කථානායකවරයා – මේක ශීලාචාර සභාවක්‌. අගමැතිතුමාට ඉඩ දෙන්න.

අගමැති – මම කාටවත් චෝදනා කළේ නෑ. හොරු ගැන පක්‌ෂයේ ප්‍රතිපත්ති කිව්වා. මෙතැන ඉන්න අය ඇවිස්‌සුනේ නෑ. ඔතන ඇයි ඇවිස්‌සුනේ? ඔතැන හොරු, කුඩුකාරයෝ බාර් හොරු, සුනාමි හොරු, සිමෙන්ති හොරු, සිල් රෙදි හොරු, කැරම්බෝඩ් හොරු ඉන්නවද? අවුරුදු දහයක්‌ මේක කරන්න බැරි වුණත් ලසන්ත වික්‍රමතුංගව මැරුවා. එක්‌නැලිගොඩව උස්‌සාගෙන ගියා. (ඝෝෂා)

රවි කරුණානායක මන්ත්‍රීතුමා ශේ්‍රෂ්aඨාධිකරණයට ගිහින් තහනම් නියෝග ගත්තේ නෑ. කොමිසමට ගියා. ප්‍රකාශයක්‌ කළා මෙතැනට ආවා. ඉල්ලා අස්‌වී පිටුපස අසුනට ගියා. ප්‍රියසාද් ඩෙප්ලාව පැත්තකට දැම්මේ නෑ. ප්‍රියසාද් ඩෙප්ලාට පසුගිය ආණ්‌ඩුව කාලේ සිදු වූ දේ අපි දැක්‌කා.

අද මාධ්‍යට නිදහස තියෙනවා. මාධ්‍ය එදා අපට කිව්වා ෙද්‍රහියෝ කියා. අද හැම එක්‌කෙනාටම හොරු කියනවා. අපිටත් හොරා කියනවා. ලියන එකත් හොරා. අද තියෙන්නේ නිදහස්‌ සමාජයක්‌. අලුත් යුගයක්‌. යහපාලනය පෙන්වා දී තිබෙනවා. රවි කරුණානායක මහතා මාව සෙනසුරාදා හමුවුණා. අඟහරුවාදා හමවුණා. බදාදා ජනාධිපතිතුමා හමුවුණා. අද මේ සභාවේ ප්‍රකාශයක්‌ කළා. අපි අලුත් සම්ප්‍රදායක්‌ ඇති කළා. ඒ ගැන ආඩම්බරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More