දේශීය පුවත්

අගමැති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිරූපය නැංවීමේ අරමුණෙන් ලේක්හවුස් ආයතනය නව පුවත්පතක් ආරම්භ කිරීමට සූදානම් වන බව ලේක්හවුස් ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයාට ප්‍රමුඛත්වය ලබාදීම නිසා අගමැතිවරයාට අවශ්‍ය ප්‍රචාරය ලබා ගැනීමට නොහැකිවී ඇති අතර පාඨක විශ්වාසය බිද වැටී ඇති ලේක්හවුස් පුවත්පත් මගින් එය ඉටු කරගැනීම අසීරුවේ. අගමැතිවරයාගේ 2020 ජනාධිපතිවරණ සටන ඉලක්ක කර බැදුම්කර ජාවාරම්කරුවන් ආරම්භ කල පුවත් පතටද ජනතා විශ්වාශය දිනාගැනීමට නොහැකි වීමෙන් එය පවත් වා ගෙන යා නොහැකි තත්වයකට පත්වී ඇත.

මේ නිසා එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන ප්‍රධානියා වන වත්මන් ලේක්හවුස් සභාපති ක්‍රිශාන්ත කුරේ මෙම නව පුවත්පත ආරම්භ කිරීමට යෝජනා කර ඇතත. මේ සදහා ලේක්හවුස් ආයතනයේ සේවක අර්ථ සාධක අංශය පවත්වා ගෙන ගිය ගොඩනැගිල්ල ලබා දීමට නියමිත අතර ඒ අනුව මේ වන විටද එම ගොඩනැගිල්ල හිස් කිරීම අරඹා ඇත. ලේක්හවුස් මුදල් හා සම්පත් මේ සදහා ලබා ගත්තද එය ලේක්හවුස් නොවන ස්වාධීන පුවත්පතක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ඔහුගේ සැලසුම බව පැවසේගඒ අනුව ලේක්හවුස් ආයතනය යටතේ වෙනම උප සමාගමක් ආරම්භ කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින බව වාර්තා වේ. ලේක්හවුස් ආයතනයේ අතිරික්ත සේවකයන් පවා සිටියදී මෙම පුවත් පතේ දැන්වීම්ල බෙදාහැරීම් හා අනෙකුත් අංශ සදහා අලුතෙන්ම සේවකයන් බදවා ගැනීමටද නියමිත බව වාර්තාවේ.

කෙසේ වෙතත් කතෘ මණ්ඩලය සදහා පමණක් සභාපති ක්‍රිශාන්ත කුරේ ට ඉතා විශ්වාසවන්ත කිහිප දෙනෙකු පමණක් බදවා ගැනීමට නියමිතය. ඒ අනුව සිළුමිණ සම කතෘ චාමර ලක්ෂාන් නව පුවත් පතේ කතෘ වරයා ලෙස තෝරාගෙන ඇති අතර වෙනත් පුවත් පත් කිහිපයකම මාධ්‍යවීදීන් ඉහල වැටුප් යටතේ බදවා ගැනීම සඳහා සාකච්චා සිදුවෙමින් පවතී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More