දේශීය පුවත්

වසංගත රෝග විද්‍යා අංශය ඊයේ(06 ) දිනයට අදාලව අද දිනයේ(7) උදෑසන 10:00ට නිකුත් කළ වාර්තාවට අනුව අප්‍රේල් 06 වනදා ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ COVID-19 වෛරසය ආසාදිතයින් 04 දෙනෙකි. මෙය අප්‍රේල් 05 දිනට වාර්තා වූ  ආසාදිතයින් ගනනට වඩා හතර දෙනෙකුගෙ අඩුවීමකි. මේ වනවිට  ආසාදිතයන් හය දෙනෙකු  ශ්‍රී ලංකාව තුළ මිය ගොස් ඇත. ඊයේ දිනයේදී වෛරසය ආසාදනය හේතුවෙන් එක් මරණයක්  වාර්තා වූයේය. නැත.තවද ඊයේ දිනය වන විට ආසාදිතයින් 42 ක් සුවපත් වී රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.

අප්‍රේල් 06වනදා වන විට සමස්ත  ශ්‍රී ලංකාව තුළ COVID-19 වෛරසය ආසාදිතයින් 180 දෙනෙකු වාර්තා වී ඇත. දැනට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ කොළඹ දිස්ත්‍රික්කය තුළ ආසාදිතයින් 44 දෙනෙකු අප්‍රේල් 06 වනදා වන විට වාර්තා වී තිබේ. දෙවෙනි වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ පුත්තලම දිස්ත්‍රික්කයෙනි. සංඛ්‍යාත්මකව එම අගය 31කි.කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක වලින් 26 සහ 13 බැගින් ආසාදිතයින් වාර්තා වී තිබේ.

මහනුවර දිස්ත්‍රික්කය සහ යාපනය දිස්ත්‍රික්කය තුළ ආසාදිතයින් 7 දෙනෙකු බැගින් වාර්තා වී ඇති අතර රත්නපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලින් ආසාදිතයන් 3 බැගින් වාර්තා වී ඇත. මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 2ක් වාර්තා වී ඇත. ගාල්ල,කෑගල්ල, මඩකලපුව සහ බදුල්ල යන දිස්ත්‍රික්ක වලින් එක් ආසාදිතයෙකු බැගින් හමුවී තිබේ.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසන පරිදි මේ වන විට වෛද්‍යය විද්‍යාත්මක පුරෝකතනයන්ට අනුව ශ්‍රී ලංකාව තුළ වෛරසය ආසාදනය වූවන් 42,000ක ප්‍රමාණයක් ඇස්තමේන්තු කර ඇත.එය කලින් ඇස්තමේන්තුවට වඩා ආසාදිතයින් 22,000ක වැඩිවීමකි.

මේ අනුව රජයේ වෛද්‍යය නිළධාරීන්ගේ සංගමය පවසන්නේ දැනට ලෝකයේ ඇති සාර්ථකව භාවිතා කළ අඩුවියදමකින් අඩුකාලයකින් වෛරසය ආසාදනය වූවන් සොයා ගන්නා ක්‍රම භාවිතා කොට ආසාදිතයන් නිරෝධායනයට යොමුකිරීමත් සැක සහිත අයවළුන් නැවත නැවත පරීක්ෂණයට භාජනය කිරීමත් කළ යුතු බව යෝජන කරන අතර ජාතික සංවිධාන ඇතුළු තවත් පිරිස් එම මතය දරමින් සිටී. වසංගත රෝග නිවාරන විශේෂඥයන්ගේ ද මතය වූ ඉදිරි දින කිහිපය තුළ ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි යන්න සාක්ෂාත් වෙමින් පවතින බව ස්වාධීන නිරීක්ෂකයන්ගේ මතයයි. මේ අතර රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසා සිටින්නේ ජපානයෙන් ගෙන්වූ අවිගන් නම් ඖෂධය වෛරසය මර්ධනය සම්බන්ධයෙන් කිසිදු ප්‍රයෝජනයක් නොවන බවයි.

අප්‍රේල් 6 වනදා  වන විට ලෝකයේ රටවල් 207කින් වෛරසය ආසාදනය වූවන් 1,133,758 දෙනෙකු හමුවී ඇති අතර ලෝකය පුරා මරණ 62784ක් වාර්තා වී තිබේ. වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් ඊයේ දිනය තුළ වාර්තා වූ රට ලෙස ලෝක සෞඛ්‍යය සංවිධානයේ වාර්තා වලට එක් වන්නේ අමෙරිකා එක්සත් ජනපදය වන අතර එම අගය 32105කි.

සබැඳි පුවත් – 

හමුදාපතිවරයාට තේරෙන දේ සෞඛ්‍ය බලධාරීන්ට තේරෙනවා නම් කොරෝනා ප්‍රස්තාරය පහළට නැමීම අමාරු නැහැ – ජාතික සංවිධාන

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More