දේශීය පුවත්

පසුගිය දින 3 – 4 ක කාලයක සිට දැනට අනුගමනය කරන කොරෝනා වසංගතය පාලනය කිරීමේ උපාය මාර්ගය වෙනස් කළ යුතු බවට ජාතික සංවිධාව වලින් ප්‍රභල මතයක් ඉදිරිපත් විය.

පුත්තලම සහිරා විද්‍යාලයෙදී නිරෝධායනයට ලක් කළ පිරිසක් අතුරින් 10 දෙනෙකු පරීක්ෂණ මඟින් රෝගින් බවට තහවුරු කර ගැනිමට හමුදාපති වරයා විසින් සිදු කරනුලැබූ මැදිිහත්වීම පිළිබඳව අප විසින් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් පළ කළ අදහස් ඔහුගේ වචනයෙන්

” හමුදාපතිවරයාට තේරෙන දේ සෞඛ්‍ය බලධාරීන්ට තේරෙනවා නම් කොරෝනා ප්‍රස්ථාරය සිංගප්පූරුව, කොරියාව වැනි රටවල් කළ ආකාරයට පහළට නැමීම අමාරු දෙයක් නොවේ. අප දැන් දින ගණනාවක් තිස්සේ විවිධ ක්‍රමවේද හරහා කියන්නේ හමුදාපතිවරයා තීන්දු කළ ආකාරයට සියළුම සැක කටයුතු පිරිස් පරීක්ෂණ වලට භාජනය කළ යුතු බවයි. මුහුණ බලලා, උණ බලලා, නිරෝධායනය අවසන් කියලා සහතික දෙන්න බැහැ. මේ වෙලාවේ වහාම සෞඛ්‍ය අධ්‍යක්ෂක වරයාගේ පුද්ගලික මතය වන ආරක්ෂාකාරී ප්‍රවේශය වෙනස් කරලා ප්‍රහාරාත්මක ප්‍රවේශයට යන්න ඕන.20,000 කට වැඩි යැයි උපකල්පනය කෙරෙන සියලු සැක කටයුතු පිරිස් සමාජය තුලදී සහ රෝහල් වලට කැඳවා වහාම පරීක්ෂණවලට භාජනය කොට එළියේ සැරි සරන රෝගය බෝ කරන්නන් හැකි තාක් රජයේ දැල ඇතුලට ගන්න ඕන. ඒක නොකර ඇඳිරි නීතය විතරක් දැමීම වැඩක් නැහැ. “



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More