අතුරලියේ රතන හිමියන් නායකත්වය ලබා දෙන ‘අපේ ජන බල පක්ෂයේ’ කොළඹ,කුරුණෑගල හා මොනරාගල දිස්ත්‍රික්ක වලින් ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පූජ්‍ය ගලගොඩ වත්තේ ඥානසාර හිමියන් මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාමයෝජනා අත්සන් කළහ.
මේ වන විට රතන හිමියන් මැතිවරණ කොමිශන් සභාවේ සාකච්ජාවක නිරත වන බවද වාර්තා වේ.
එම නාමයෝජනා පත්‍ර වල තිබූ අපේක්ෂකයින්ගේ දිවුරුම් ප්‍රකාශ දෝෂ සහිත වීම හේතුවෙන් ඒවා ප්‍රතික්ෂේප කිරීමට සිදුවූ බව කුරුණෑගල දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී ආර්.එම්.ආර්.රත්නායක මහතා ප්‍රකාශ කළේය .
මෙවර මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයට පිළිගත් දේශපාලන පක්ෂ ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ , එක්සත් ජාතික පක්ෂය , සමගි ජන බලවේගය , ජාතික ජන බලවේගය , සිංහලදීප ජාතික පෙරමුණ , ජාතික සංවර්ධන පෙරමුණ , ශ්‍රී ලංකා කම්කරු පක්ෂය , පෙරටුගාමී සමාජවාදී පක්ෂය , ජනසෙත පෙරමුණ , ලිබරල් පක්ෂය , ශ්‍රී ලංකා සමාජවාදී පෙරමුණ , ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ , අපේ ජනබලය පක්ෂය යන පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරි ආර්.එම්.ආර්.රත්නායක මහතා ඉදිරියේ නාමයෝජනා බාර දුන්හ .
අතුරලියේ රතන හිමියන් නායකත්වය දරන අපේ ජන බලය පක්ෂය යටතේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා මෙම මහා මැතිවරණයට නාමයෝජනා බාරදී මෙන්ම ප්‍රතික්ෂේප වූ පිළිගත් දේශපාලන පක්ෂයක එකම නාමයෝජනා පත්‍රය මෙය වීමද විශේෂ සිදුවීමක් විය.
සබැදි පුවත් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...