දේශීය පුවත්

භික්ෂුවගේ ඓතිහාසික වගකීම සහ කාර්යභාරය විය යුත්තේ රජුන් නිවැරදි මාර්ගයේ ගමන් කරවීම සහ පාලකයන්ට අවවාද අනුශාසනා කිරීම බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

අද (18) පස්වරුවේ පැපිලියාන සුනේත්‍රා දෙවී විරිවනේ කැඳවා තිබූ ජාතික විද්වත් භික්ෂු සංසදයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසා සිටියේ මහානායක හිමිවරුන්ගේ වචනයට පිටුපා යමින් මෙවර මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා භික්ෂූන් වහන්සේලා පිරිසක් කටයුතු කරමින් සිටින බවත් ජාතික විද්වත් භික්ෂු සංසදය හා සම්බන්ධ සියලුම භික්ෂූන්වහන්සේ්ලා විසින් මෙම ක්‍රියාව ප්‍රතික්ෂේප කරන බවය.

අවුරුදු දෙදහස් පන්සියයකට අධික ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් සහිත රටේ රජුන්ට ඉහළින් තිබෙන භූමිකාවක් සහිත භික්ෂූන්වහන්සේලා නිකම්ම නිකම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තත්වයට වැටී භික්ෂු ගෞරවය කෙළෙසා ගැනීම අනුමත කළ නොහැකි බවද අභයතිස්ස හිමියෝ අවධාරණය කර සිටියහ.

මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි පවසා සිටියේ මහානායක හිමිවරුන් හැරුණුවිට රටේ විද්වත් සම්භාවනීය පිරිස්ද භික්ෂූන්වහන්සේලා පාර්ලිමේන්තු ආසන වලට තරඟ කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, එම අවාසනාවන්ත සිදුවීම වලකා ගැනීමට මැදිහත්වන ලෙස තමන්වහන්සේගෙන්ද ඉල්ලීම් කරන බවය.

මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි දැක්වූ අදහස් –

මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමි දැක්වූ අදහස් –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More