දේශීය පුවත්

නීති විරෝධීව වඳ සැත්කම් කළ බවට චෝදනා ලැබ සිටින කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය ෂෆි ෂිහාබ්ඩීන් මහතා තමන් සිසේරියන් සැත්කම් අට දහසක්‌ සිදුකර ඇති බව කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්‌ෂකවරයා ඉදිරියේ ඊයේ (24 වැනිදා) පිළිගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්‌ෂවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ විමර්ශනයක්‌ ආරම්භ කර ඇති අතර වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඩීන් මතාගෙන් ඊයේ (24) සවස සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ මේ බව හෙළිකළේ යෑයි රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මහින්ද දිසානායක මහතා කුරුණෑගල මහ රෝහලේ බලධාරීන්ගෙන් ඊයේ සවස ප්‍රකාශ ලබාගෙන තිබුණි.

වඳ සැත්කම් පිළිබඳව මාධ්‍ය මගින් තොරතුරු හෙළි කිරීමෙන් පසු තම ජීවිතයට තර්ජනයක්‌ එල්ල වී ඇති බව පවසමින් වෛද්‍ය ෂෆි මහතා කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්‌ෂවරයාට තමාට ආරක්‌ෂාව ලබාදෙන ලෙස ඉල්ලමින් කු=රුණෑගල මහ රෝහලේ අධ්‍යක්‌ෂවරයා වෙත දැනුම් දීමක්‌ ද කර ඇත.

වඳ සැත්කම් කළ බවට සහ ව්‍යාජ ලිපි ලේඛන සකස්‌ කරමින් රෝහලේ අලුත උපන් දරුවන් විකිණීම මෙන්ම ඉතා කෙටි කාලයක්‌ තුළ අසීමිත ආකාරයට මුදල් ඉපැයූ බවට ද මෙම වෛද්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබෙන බව පොලිස්‌ ආරංචි මාර්ග සහ රෝහලේ ආරංචි මාර්ග සඳහන් කළේය.

Divaina

පෙර පුවත්-

සිංහල මව්වරුන් වඳ කළ මුස්ලිම් දොස්තර ඇමති රිෂාඩ්ගේ ගෝලයෙක් කියන බව ඇත්තක්ද?

සිසේරියන් සැත්කම්වලින් පසු – තව්හිද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මවුවරුන් 4000 ක් වඳ කරලා…දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ



One thought on “සිසේරියන් සැත්කම් 8000ක්‌ කළා; කුරුණෑගල දොස්‌තර පිළිගත් බව රෝහල් අධ්‍යක්‍ෂ කියයි”

  1. පහුගිය කාලෙක (මතක විදියට) ?අම්පාර රෝහලෙනුත් උපත් පාලන කරගන්න කියා සිංහල අම්මාවරුන්ට බලකරන දමිල ජාතික දොස්තරවරියක් ගැන පැමිණිලි අහන්න ලැබුන. ඒකට මොකද උනේ කියලත් දැනගන්න කැමතියි.

    මේ දොස්තර විතරක් නෙවෙයි, මත් කුඩු /පෙති, වද පෙති, ඒ වගේම කලකට ඉහත අහන්න ලැබුන වද රසායන මිශ්‍ර සෝස් (sauce) වැනි ඔය කොයිවත් දමිළ කොටි /මුස්ලිම් ව්‍යප්තවාදයේම පැතිකඩවල්. ඔය සමහර මුස්ලිම් කඩවල් වලින් අපි කන ඒවායේ තියෙන්නේ මොනවාද කියල කවුද දන්නේ?

    මහජන මුදල් වලින් ඉගෙනගෙන ඒ මුදල් පඩිනඩි ලෙස ලබමින් පිටරට කොන්ෆරන්ස් (conference) ගියවිට ඩොලරයට බා ගත් “සිංහල ඊනියා උගතුන්” ඇති රටක “අන්තවාදී දොස්තරුන්” ගැන අසන්නට ලැබීම ගැන පුදුම නොසිතේ. මෙවැනි එක් අන්තවාදී දොස්තර කෙනෙක් පමණක් සිටී නම් එය පුදුම වෙන්නට කාරණයකි.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More