බැඳුම්කර වංචාව මඟින් රජයට අහිමි කළ මුදල හෙවත් රජයේ භාණ්ඩාගාරයෙන් මහදවල් හොරකම් කළ මුදල මෙන් දෙගුණයක් ආණ්ඩුවේ කවුරුන් හෝ හොරකම් කරන බව තහවුරු කරන සාක්ෂි සහිත ලිපියක් ජාතික සංධානය විසින් මාධ්‍යයට නිකුත් කර ඇත.
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් සම්පාදනය කොට ඇති ලිපිය අනුව බැඳුම්කර වංචාවේ සෘජුව හොරකම් කළ බව සැලකෙන රාජ්‍යය මුදල් ප්‍රමාණය මිලියන 25,000 කි. නමුත් පාන් පිටි සහ කිරිපිටි බදු සහන හොරකම මගින් රජය අහිමි කරන මුදල හෙවත් කවුරුන් හෝ හොරකම් කරන මුදල රුපියල් මිලියන 52,000කි. එසේම බැදුම්කර වංචාව ඒ ආකාරයටම නැවත කළ නොහැකි වුවත් මෙම බදු වංචාව සෑම වසරකදීම සිදුවේ.
සම්පූර්ණ ලිපිය කියවීම සදහා මෙතැනින් පිවිසෙන්න
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
මේත් අවුහුණ හොරකම් පොඩ්ඩක් විතරයි තව අහුනොවී කොච්චරනම් ඇත්ද? හිතලා බලන්න.. හොරකම් හොරකම් ලෙසම කොතරම් නම් සිදුකර ඇත්ත මේවා රටේ දුප්පත් මින්ස්සුන්ගේ සල්ලි නේද දෙියියනේ මුන්ට හෙණ ගහනවා
බැඳුම්කර වංචාව ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ විශාලතම මූල්‍ය වංචාව ලෙස සැලකේ. එම වංචාවට මුල් වූ පිරිස් ඒ මගින් සෘජුව ලබාගත් ලාභය උපරිම වශයෙන් රුපියල් මිලියන 25,000ක් බව සැලකේ. එම ලාභයෙන් ගිණුම්වල රඳවා තබාගෙන සිටි රුපියල් මිලියන 11,000ක මුදලක් මහබැංකුව විසින් අත්හිටුවා ඇත. එම ලාභයෙන් අතිබහුතරය මුදල් වංචාවට ඍජුව දායක වූ සහ බාහිරින් උදව් කළ පිරිස් අතර බෙදා ගත් බව පිළිගත හැක. විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතර බෙදී ඇති මුදල් පිළිබඳ පැහැදිලි සාක්ෂි හෙළිදරව් විය.