දේශීය පුවත්

දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා සහ පොලිස් නිලධාරීන් අතර පසුගියදා යාපනයේදී ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ටිරාන් අලස් අමාත්‍යවරයා බවසන්නේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස තමන් යාපනය ප්‍රදේශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දුන් බවය.

යාපනය වඩඩමාරච්චි නැගෙනහිර මරදන්කේනි ප්‍රදේශයේදී පසුගිය සිකුරාදා දිනයේ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා තම පාක්ෂිකයන් සමග සිටියදී රාජකාරියේ නිරතවී සිටි පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු සමහ බහින්බස් වීමේ සිදුවීමක් වාර්තා විය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් හෙට (05) දිනයේදී පොලීසිය විසින් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමට ද නියමිත බව වාර්තා වේ.

සබැඳි පුවත්…

දෙමළ කොන්ග්‍රසයේ මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොලිසියට තර්ජනය කරයි (වීඩියෝ)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More