දේශීය පුවත්

2022 වසරේ ජූලි 9 වනදා ගෝඨාභය රාජපක්ෂ මහතාට රටින් පලා යාමට සැලස්වූ ඊනියා අරගලය උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමේ ඊළඟ මෙහෙයුම කතානායක මහින්ද රාජපක්ෂ මහතා මූලික කර ගනිමින් අන්තර්වාර පාලනයක් ගෙන ඒම කුමන්ත්‍රණයේ මහ මොළකරුවන්ගේ  උපක්‍රමය වී තිබූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසුවේය. ඒ මහතා ඒ බව පැවසුවේ පසුගිය 25 වනදා කොළඹදී ඔහු විසින් රචිත “නවය; සැඟවුණු කතාව” ග්‍රන්ථය එළි දක්වමිනි.ඔහු විසින් රචිත එම ග්‍රන්ථයෙන් ඔහු ඉදිරිපත් කරන මතය වඩාත් තහවුරු කරමින් කරුණු දක්වා තිබේ.

මේ අතර ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය විමල් වීරවංශ මහතාගේ හෙළිදරව්ව සම්බන්ධයෙන් වඩාත් කරුණු සෙවීමේදී “හින්දුස්ථාන් ටෛම්ස්” පුවත් වෙබ් අඩවියට 2022 ජූලි 11 වනදා ශිෂිර් ගුප්තා විසින් ඉදිරිපත් කරන ලද “කථානායක මහින්ද අබේවර්ධන ශ්‍රී ලංකාවේ වැඩ බලන ජනාධිපතිවරයා විය හැකියි. Speaker Mahinda Abeywardana may be Acting President of Sri Lanka ) ” වාර්තාවෙන් විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ අදහස තහවුරු කර ඇති බව හෙළිදරව් කර ගත්තේය.

ශිෂිර් ගුප්තා, මනෝහර් පර්රිකාර් ආරක්ෂක අධ්‍යයන සහ විශ්ලේෂණ ආයතනය (MP-IDSA) විසින් 2015 දී පිරිනැමූ උපාය මාර්ගික අධ්‍යයනය සඳහා කේ සුබ්‍රමනියම් (K Subrahmanyam) ත්‍යාගයෙන් පිදුම් ලැබුවේය. එලෙසම 2011 දී ඊශ්‍රායලය විසින් පිරිනැමූ බෙන් ගූරියන් ( Ben Gurion ) ත්‍යාගයෙන්ද පිදුම් ලැබුවේය. ඒ මහතා  Indian Mujahideen: The Enemy Within (2011, Hachette) සහ Himalayan Face-off: Chinese Assertion and Indian Riposte (2014, Hachette) යන ග්‍රන්ථ වල කතුවරයාද  වන්නේය.

ශිෂිර් ගුප්තා ඉදිරිපත් කළ සම්පූර්ණ වාර්තාව පුරවැසි කොළමේ පළවේ.

කථානායක මහින්ද අබේවර්ධන ශ්‍රී ලංකාවේ වැඩ බලන ජනාධිපතිවරයා විය හැකියි- හින්දුස්ථාන් ටෛම්ස් 2022 ජූලි 11 අනාවැකි කියලා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More