පුරවැසි කොලම

(Speaker Mahinda Abeywardana may be Acting President of Sri Lanka මෙම ලිපිය හින්දුස්ථාන් ටෛම්ස් පුවත් වෙබ් අඩවියේ පලවන්නේ  2022 වසරේ ජූලි 11 වන දින එනම් අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රටේ අනෙකුත් මර්මස්ථාන අත්පත් කර ගෙන දින දෙකක් ගතවුනු සමස්ත රටම දේශපාලන අරාජිකත්වයක වෙලී තිබුණු මොහොතකය. මෙම ලිපිය ලියූ ශිෂිර් ගුප්තා ඉන්දියානු ජාතිකවාදය අනුව කටයුතු කරන උපාය මාර්ගික විද්වතෙකු වන අතර  ඔහුගේ ලිපිය මගින් ගෝඨාභය රාජපක්ෂ පලායාමෙන් පසුව ඇතිවූ අරාජිකත්වය යොදා ගෙන ඉන්දු අමෙරිකානු අභිලාශයන් සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකාව මුහුණ දුන් ආපදාව කළමනාකරණය කර ගැනීමට මාන බැලූ ආකාරය මනාව පැහැදිලි වේ.)

ජුලි 13 වෙනිදා අපකීර්තියට පත් ගෝඨාභය ඉල්ලා අස්වීමෙන් පසු වැඩබලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ පත් කිරීමට ශ්‍රී ලංකාවේ උද්ධමනයෙන් බැට කෑ මහජනතාවගේ කැමැත්තක් නැත. සජබ සහ ශ්‍රීලංනිප වැනි දේශපාලන පක්ෂවලට අවශ්‍ය වන්නේ වැඩබලන ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තීරණය ගැනීමට පෙර රාජපක්ෂලා සහ වික්‍රමසිංහ වේදිකාවෙන් ඉවත් කිරීමටය. අපකීර්තියට පත් රාජපක්ෂලාගෙන් පසු ජනතා කැමත්තකින් තොරව වුවද සදාකාලිකව මන්ත්‍රී තනතුර රැකගත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ වෙනුවට එළඹෙන ජූලි 13 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉවත් වීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන ශ්‍රී ලංකාවේ වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. ඉන්පසුව සර්ව පාක්ෂික නියෝජිතයන් සහ වෙනත් නියෝජිතයන් සහිත රජයක් ගොඩනගා රටේ තත්වය ස්ථාවර වීමෙන් පසු නව පාර්ලිමේන්තුවක් තෝරා ගැනීම සඳහා මහ මැතිවරණයක් කැඳවීමට ඉඩ ලැබෙනු ඇත.

ශ්‍රී ලංකාවේ දේශපාලන කඩාවැටීම පැහැදිලිවම චීනයේ එක්සිම් බැංකුවෙන් අධික පොලියට ණය ලබාගෙන සුදු අලි ව්‍යාපෘති සඳහා ආයෝජනය කළ රාජපක්ෂ ව්‍යාපාරයේ ආර්ථික අශික්ෂිතභාවයේ සහ දුර්වල පාලනයේ ප්‍රතිඵලයකි. කෙසේ වුවද බීජිං වෙතින් ලැබෙන ණය ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 50ක් ඉක්මවන ඉහළ විදේශ ණය ගෙවීමට හෝ ණය ගෙවීම් පැහැර හැරීමට ආධාර නොවනවා පමණක් නොව, ජූලි 9 වැනි දින ජනාධිපති මන්දිරයට කඩා වැදුණු පිරිස් පවා ජනතා විප්ලවයේ ඇඳුමින් සැරසී සිටි වාමාංශික සමාජ මාධ්‍ය විසින් මෙහෙයවනු ලබන බව පෙනෙන්නට තිබේ.

පැන ගිය ගොනා අං වලින් අල්ලා ගැනීමට තරම් නායකයෙකු නොමැති ශ්‍රී ලංකාවේ වත්මන් දුර්වල දේශපාලන නායකත්වය හමුවේ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) වැනි කොමියුනිස්ට් පක්ෂ දේශපාලන අවකාශය උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමට උත්සුක වන අතරම නින්දාවට පත් රාජපක්ෂලාගේ මිනිසා ලෙස ගෝඨාභයගේ අනුප්‍රාප්තිකයා ලෙස රනිල් වික්‍රමසිංහ ප්‍රවර්ධනය කිරීමට සාර්ථකව සූදානම්ව සිටින්නේ නිහඬ අවබෝධයක කොටසක් ලෙස බව කොළඹ නිරීක්ෂකයෝ පවසති. මෙසේ සිදුවන්නේ, ගෝඨාභය සහ වික්‍රමසිංහ යන දෙදෙනාම ඉල්ලා අස්විය යුතු බවත්, ශ්‍රී ලංකාවේ දේශපාලන කුණුවීම වැලැක්වීමට ක්ෂණික කාර්යභාරයක් නොකළ යුතු බවත් සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කථානායකවරයාට පැහැදිලිව ප්‍රකාශ කර තිබියදීය.

ලැබෙමින් පවතින වාර්තාවලට පටහැනිව, ගෝඨාභය සහ ඔහුගේ සොහොයුරු මහින්ද යන දෙදෙනාම තවමත් කොළඹ ස්ථානගතව සිටින අතර ඔවුන්ගේ බලය ක්‍රියාත්මක කිරීමට හැකි වන්නේ පාර්ලිමේන්තුවේ තනි ආසනයක් ඇති වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් කිරීමෙනි.

ඉන්දියාව ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5කට වඩා වටිනා ආධාර සහ අත්‍යවශ්‍ය සැපයුම් යවමින් ශ්‍රී ලාංකික ජනතාවට පූර්ණ සහයෝගය ලබා දෙද්දී චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා සහන පැකේජයක් සඳහා ණය ගැනීමේ සහාය ලබා දෙයි. තත්ත්වය පිරිහීමට ඉඩ හැර ඇත්තේ අගනා ජාතියේ දුර්වල සහ අකාර්යක්ෂම නායකත්වය නිසා පමණක් නොව, දැනටමත් පීඩාවට පත් රටෙහි ගිනිදැල් අවුලුවාලීම සඳහා සමාජ මාධ්‍ය හරහා වාමාංශික ආභාෂය විසින් ඇති කරන ලද කුණාටුව පාලනය කිරීමට ජාතික ආරක්ෂක ආයතනවලට තාක්‍ෂණික විශේෂඥ දැනුමක් නොමැති වීම හේතුවෙනි.

ආහාර සහ ඉන්ධන හිඟ වීම , යුක්රේනය සහ ඉන්දු-පැසිෆික් ප්‍රවනතා සමඟ කටයුතු කරන ගෝලීය බලවතුන් සමඟ, බීජිං පරිපාලනය අර්බුදයේ අවස්ථාවක් සොයමින් සිටින අතරේ ජාතිය ස්ථාවර කිරීමට ඉන්දියාව පමණක් ඉතිරි වේ. ශ්‍රී ලංකාවේ අර්බුදය චීනයේ “තීරය සහ මාව්ත මුලපිරීම් Belt and Road Initiative” තුළ ගොඩනඟන ලද ණය උගුල සඳහා උදාහරණයකි. නේපාලය, පකිස්ථානය සහ බංග්ලාදේශය අර්බූදයට පත්වන ලැයිස්තුවේ ඊළඟ රටවල් විය හැකිය.

Speaker Mahinda Abeywardana may be Acting President of Sri Lanka

පරිවර්තනය: ජීවන්ත ජයතිස්ස



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More