ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ “නවය; සැඟවුණු කතාව” කෘතිය එළිදක්වා පැය කිහිපයකින් රටේ දේශපාලන සුළි කුණාටුවක් ඇති කළ බව වත්මන් සිදුවීම්වලින් පෙනෙන බවත්, මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් නිකුත් කළ ට්විටර් පණිවිඩය මගින් ඇය ප්‍රදර්ශනය කර ඇත්තේ ඇය සතු දුර්වල දැනුම බවත්, ඒ හැරෙන්නට ගාලු මුවදොර විරෝධතාව පිටුපසින් සිටිමින් එය මෙහෙයවීම පිළිබඳව ඇයට එල්ලවන චෝදනා වලින් ගැලවීමට අමෙරිකානු තානාපතිනිය උත්සාහ කර නොමැති බවත් සේන තෝරදෙනිය මහතා විසින් www.lankaweb.com වෙබ් අඩවියට “NINE; THE HIDDEN STORY” – WIMAL WEERAWANSA’S VALIANT REVELATIONS මාතෘකාව යටතේ ලියන ලද ලිපියකින් පැහැදිලි කර දී තිබේ.
වීරවංශ මහතා විසින් එළි දැක්වූ කෘතියෙන් අමෙරිකානු තානාපතිනියට ශ්‍රී ලංකාව තුළ ගොඩනඟා ගැනීමට අවශ්‍ය වූයේ කෙබඳු අනාගතයක්ද යන්න අපූරුවට හෙළි කර ඇති බවද, මෙම දැවැන්ත මෙහෙයුම පිටුපස සිටි අනිකුත් චරිත පිළිබඳවද ලිපිය තුළින් සේන තෝරදෙනිය මහතා හෙළිදරව් කරයි.
එමෙන්ම රටේ සෑම බරපතල දේශපාලන වර්ධනයක් ම විහිළුවට ගන්නා ෆොන්සේකාට සහ තවත් සමහර දේශපාලනඥයන්ට, තීරු ලිපි රචකයින්ට, කාටූන්කරුවන්ට සහ උපහාස කතා කරුවන්ටද “නවය; සැඟවුණු කතාව” මගින් පහර වැදී ඇති බවත්, මෙරට ආරක්ෂක ප්‍රධානීන් ලෙස කටයුතු කළ පුද්ගලයන් ද මෙම ක්‍රියාදාමය පිටුපස සැඟවුනු චරිත ලෙස කටයුතු කර තිබූ බව පැහැදිලි වන බවත් ඔහු මෙම ලිපියෙන් පවසා තිබේ.
සේන තෝරදෙනිය මහතාගේ සවිස්තරාත්මක ලිපිය පහළින්…

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...