පුරවැසි කොලම

“ප්‍රබන්ධ ලෙස සංවඩු ගැසිය යුතු පොතක කතෘවරයෙකු වෙමින් එක්තරා මන්ත්‍රීවරයකු පදනම් විරහිත චෝදනා සහ අමූලික බොරු පතුරුවා හැරීම ගැන මම කලකිරීමට පත් වෙමි. වසර 75ක් තිස්සේ එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීභාවය සහ සෞභාග්‍යය අත්පත් කර ගැනීම උදෙසා කැපවීම් කර ඇත්තෙමු. එලෙසම අනාගතයේදිද අපි ඒ සඳහා කැපවෙමු.” ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චුන්ග් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ “නවය; සැඟවුණු කතාව” කෘතිය එළිදැක්වීමෙන් පසු කියා සිටියේය. ජුලී චුන්ග් වීරවංශගේ පොතේ අඩංගු “පදනම් විරහිත චෝදනා සහ අමූලික බොරු” විස්තරාත්මකව පැහැදිලි කළ යුතු අතර එක්සත් ජනපදය විසින් රෝපණය කරන ලද ගාලු මුවදොර විරෝධතාවයේ මෙහෙයුම්කරුවා සහ ශ්‍රී ලංකාවේ ‘විසුරේ ප්‍රතිරාජයා’ ලෙස ඇය ඉදිරියේ ඇති නාමකරණයන් ඉවත් කර ගැනීමට ඇය විසින්ම කටයුතු කළ යුතුයි. ඇය විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩය, ප්‍රබන්ධ සම්බන්ධයෙන් ඇය සතු දුර්වල දැනුම විද්‍යාමාන කරයි.  මේ අතර වීරවංශ එළි දැක්වූ ග්‍රන්ථයෙහි ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇයට ගොඩනඟා ගැනීමට අවශ්‍ය වූයේ කෙබඳු අනාගතයක්ද  යන්න අපූරුවට හෙළි කර තිබේ.

The roc wings fanwise

Soaring ninety thousand li 

And rousing a cyclone”

(Two Birds: A Dialogue” by Mao Zedong -1965).

“ රොක් කුරුලාගේ පියාපත් වලින්

ලී අනූ දහසක් ඉහළ

අහසෙහි සුළි කුණාටුවක් අවුලුවාලීම”

 (කුරුළු දෙදෙනෙක්: සංවාදයක්” – මාඕ සේතුං -1965).

(මෙය රොක් ,රුක් හෝ රූක් ලෙසද ශබ්ද නගන ප්‍රබන්ධ පක්ෂියෙකුට දී ඇති නමකි. මිථ්‍යා සාහිත්‍ය සම්බන්ධයෙන්  පර්යේෂණ කරන බොහෝ මිථ්‍යාඥයන් විශ්වාස කරන්නේ මෙම මිථ්‍යා පක්ෂියා අරාබි හෝ පර්සියානු සම්භවයක් සහිත බවයි. නමුත් මිථ්‍යා සාහිත්‍ය සම්බන්ධයෙන්  පර්යේෂණ කරන සමහරු මෙම පක්ෂියාගේ සම්භවය ඉන්දියාවේ හෝ චීනයේ විය හැකි බව පවසයි. පුරාවෘත්තයට අනුව, එම පක්ෂියා අඩි 43 ක් පමණ දිගු පියාපත් සහිත අඩි 20 ක් පමණ උස සත්වයෙකු බව විශ්වාස කරයි. ලී යනු චීන දුර මනින ඒකකයකි. ලී එකක් කිලෝ මීටර 0.5ක්  හෙවත් සැතපුම් 0.3 කට සමාන වේ. පැරැණි චීන සාහිත්‍යයේ කුන්-පං(රොක් ) නම් මහා පක්ෂියෙක්    සම්බන්ධයෙන් සඳහන්  වේ. මාවෝ සේතුං කුන්-පං(රොක් )  පක්ෂියා සහ පුංචි ගේ කුරුල්ලෙක් අතර සංවාදයක් විදිහට “කුරුළු දෙදෙනෙක්: සංවාදයක්” නම්  මේ කවි ලියා තිබේ. මෙම කවියෙහි එන රොක් (කුන්-පං ) පක්ෂියාගෙන් නිරූපණය වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයයි. පුංචි ගේ කුරුල්ලාගෙන් නිරූපණය වන්නේ නිකිතා කෘෂෙප්ය.)

අප්‍රේල් 25 වැනි දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සම්මන්ත්‍රණ ශාලාව තුළ පිරී ඉතිරී ගිය ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ “නවය; සැඟවුණු කතාව” ග්‍රන්ථය එළිදැක්වීමෙන් පැය කිහිපයක් ඇතුළත මාඕ විසින් කවියට නගන සුළි කුණාටුවක් ඇති කළ බව වත්මන් සිදුවීම්වලින් පෙනේ. චීන පුරාවෘත්තයට අනුව වලාකුළු මෙන් පියාපත් ඇති කුන්-පං නම් පක්ෂියාට එක දිගට ලී අනූදහසක් අහසට නැඟී සුළි කුණාටුවක් නිර්මාණය කළ හැකිය.ඒ අනුව “නවය; සැඟවුණු කතාව” සුළි කුණාටුව පහර දී ඇත්තේ ජුලී චුන්ග්ට පමණක් නොවේ. මේ රටේ සෑම බරපතල දේශපාලන වර්ධනයක් ම විහිළුවට ගන්නා ෆොන්සේකාට සහ තවත් සමහර දේශපාලනඥයන්ට, තීරු ලිපි රචකයින්ට, කාටූන්කරුවන්ට සහ උපහාස කතා කරුවන්ටද නවය සුළි කුනාටුව මගින් පහර වැදී ඇත. ශවේන්ද්‍ර සිල්වා වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ 2022 ජූලි මාසයේදී එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ අනුමැතිය ඇතිව කොළඹ ආරක්‍ෂක සමුළුවේ රැස්වීමට සහභාගිවීම සඳහා ශවේන්ද්‍ර සිල්වා නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටි බවයි. ඒ අනුව  රට ගිනි ගන්නා විට රාජ්‍ය නායකයාගේ ජීවිතය අනතුරට පත්ව තිබෙන විට අපේ ආරක්‍ෂක අංශවල ඉහළ නිලධාරීන් විදේශ රටක සම්මන්ත්‍රණය කට සහභාගි වෙමින් සිටි බව මෙයින් පැහැදිලි වේ.

විමල්ගේ “නවය; සැඟවුණු කතාව”  JVP/NPP ටිල්වින් සිල්වා සහ ලාල්කාන්ත එකිනෙකාට පරස්පර ප්‍රකාශ කරමින් ගාලු මුවදොර දී එක්සත් ජනපදය ආදරයෙන් වැළඳ ගත් කණ්ඩායම් අතර මතභේදයක් ඇති කර තිබේ.  USAID, NED, IRI, NDI, IREX, MEND, ROAR Media යන සියලුම එක්සත් ජනපද පෙරමුණු සංවිධානවල වැටුප් ලැයිස්තුවේ සිටි පුද්ගලයන්  සහ ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක එවැනි සංවිධාන මගින් පුහුණු කරන ලද මාධ්‍යවේදීන් සහ ජුලී චුන්ග් ගේ උද්‍යාන සාදවලට සහභාගී වූ කණ්ඩායම් ඉදිරි ක්‍රියාකරකම් වලට අදාළ  කටයුතු මේ වන විටත් සිතියම් ගත කරමින් සිටිනවා විය හැක. ඔවුන්ගේ ප්‍රතිවිරෝධතා. (අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි චුන්ග් ගේ අලුත්ම ගොදුර  බවට පත්වීම සම්බන්ධයෙන් ඇත්තේ කණගාටුවකි”).

වීරවංශගේ ගිනිගත් හෙළිදරව් කිරීම්වලට පෙර ශ්‍රීපාලී විශ්ව විද්‍යාලයට සම්බන්ධ උගතෙකු කළ කතාව නොවැදගත් වූයේ එය ප්‍රායෝගික වටිනාකමක් නැති වඳ න්‍යායේ උච්චාරණයක් වූ බැවිනි. ගාලුමුවදොර විරෝධතාව නව මාදිලියේ ජනතා නැගිටීමක් ලෙස න්‍යායගත කළ පිරිසට එරෙහිව ගාලුමුවදොර විරෝධතාවයට න්‍යායක් සැකසීමට සමත් පුද්ගලයකු මෙම කාර්යයට තෝරා ගැනීමට “නවය; සැඟවුණු කතාව” පොත දොරට වැඩුම සංවිධානය කළ සංවිධායකයන්ට හැකියාව තිබිය යුතුව තිබුණි.

පිටු 135 ක් පමණක් අඩංගු කුඩා පොතක් වන නවයේ අසාමාන්‍යතාවය කුමක්ද? ගාලුමුවදොර උද්ඝෝෂණය ආරම්භයේ සිටම එහි සැබෑ ස්වරූපය, එහි හසුරුවන්නන් සහ එහි ඇති එක්සත් ජනපද අඩිපාර තේරුම් ගත් මෙම ලියුම්කරු ඇතුළු ගාලුමුවදොර විරෝධතාව පිළිබඳ විවේචනාත්මක ව මත පල කළ ලේඛකයන් මෙම කෘතියේ සාකච්ඡා කරන බොහෝ දේ විවිධ දෘෂ්ටිකෝණවලින් මීට පෙර විග්‍රහ කරණු ලැබීය. විමල් වීරවංශ මහතාට පෙර මේ සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කළ ලේඛකයන් නොදැන සිටි බිය උපදවන සිදුවීම් රැසක් හෙළි කිරීමට ඔහුට හැකි වී තිබේ. එලෙසම දැන් කරලියට පැමිණෙන බොහෝ සිදුවීම් අලුත් සහ වෙනස් අර්ථකථන ඉල්ලා සිටියි.

“නවය; සැඟවුණු කතාව” කොටස් දෙකකින් සමන්විත වේ: පළමු  කොටස හෝ කෘතියේ ප්‍රධාන කොටස (පිටු 114) ශ්‍රී ලංකාවේ සමකාලීන ඉතිහාසයේ සැඟවුණු “නවයේ” කතාව විස්තර කිරීමට කැප කර ඇත.

ආඛ්‍යානය ආරම්භ වන්නේ විරෝධතා ව්‍යාපාර අවුලුවාලූ රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ කෙටි සාකච්ඡාවකිනි. ගෝඨාභය, බැසිල් සහ ජයසුන්දර යන අයගේ නොඉවසන, ප්‍රතිචාර නොදක්වන, අහංකාර චින්තනයේ සහ හැසිරීම් වල ප්‍රතිඵලයක් ලෙස අර්බුදය ගැඹුරු වූ බව එහි සඳහන් වේ. අර්බුදයේ මෙම ආරම්භක අදියරේදී වික්ටෝරියා නුලන්ඩ් සහ ජුලී චුන්ග් කරළියට පිවිසි ආකාරය කතුවරයා හෙළි කරයි. නුලන්ඩ් 2022 මාර්තු 23 දින දිවයිනට පැමිණියේ එම දෛවෝපගත දිනය වන මාර්තු 31 ට සතියකට පෙරය. නුලන්ඩ්ට ගෝඨාභය සහ ජීඑල් පීරිස් හමුවීමට අමතරව හඳුනා ගත නොහැකි සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් මුණගැසී ඇත. තැටිය රත් කරන ලදී. විරෝධතාකරුවන්ට රොටී පුළුස්සන්නට අවශ්‍ය විය. නමුත්  පිළිස්සීමට අවශ්‍ය රොටි වර්ගය කුමක්දැයි ඔවුන් කිසිවෙකු දැන සිටියේ නැත. එය දැන සිටියේ ජුලී චූන්ග් සහ තවත් කිහිප දෙනෙකු පමණි.

ගාලුමුවදොර විරෝධතාව සාමකාමී සහ අවිහිංසාවාදී යැයි ලේබල් කළද පළමු ප්‍රචණ්ඩත්වය මාර්තු 31 වැනිදා මිරිහානේදීත්, දෙවැනි ප්‍රචණ්ඩත්වය දින කිහිපයකට පසුව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ පෞද්ගලික නිවෙස්වලටත් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ සනිටුහන් කළ බව වීරවංශ වීරවංශ නිවැරදිව ප්‍රකාශ කර යි., විරෝධතාකරුවන්, මාධ්‍ය සහ විපක්ෂ දේශපාලනඥයන් විසින් ප්‍රචාරය කරන ලද විරෝධතාකරුවන්ගේ නාගරික “ගෙටෝව” විනාශ කිරීමට පළිගැනීමක් ලෙස මැයි 9 වැනිදා ප්‍රචන්ඩත්වය ආරම්භ කළා නොවේ යැයි වීරවංශ  නිවැරදිව පෙන්වා දෙයි. 2022 මාර්තු 31 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජීවිතය අනතුරේ වැටුණු විට, සේනාධිනායකයා ලෙස, අතිරේක භට පිරිස් බලමුලු ගැන්වීමට ඔහුට නොහැකි විය. ඒ වන විට යුද හමුදාපතිවරයා තරු පන්තියේ හෝටලයක මංගල උත්සවයකට සහභාගි වෙමින් සිටි බව කතුවරයා කියයි. භට පිරිස් ඒකරාශී කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් කරන්නාගොඩ කොමිෂන් සභාව විසින් කරන ලද නිරීක්ෂණ නවයක් මෙහි ලැයිස්තුගත කර ඇත. “වැඩි කල් නොගොස්, චුන්ග් සිය ට්විටර් ව්‍යාපාරය ආරම්භ කළාය.” “ජාත්‍යන්තර සම්මුතීන් කඩ කරමින් ජූලි චුන්ග් රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වූවාය.” කතුවරයා ඇගේ ට්විටර් පණිවිඩ අර්ථකථනය කරන්නේ වෙනසක් ඉල්ලා සිටින විවෘත ආරාධනයක් ලෙසය.

කතුවරයා ගාලු මුවදොර සහ යුක්රේනයේ මයිඩාන් විරෝධතාව අතර සමාන්තරයන් ගෙනහැර දක්වයි.

රඹුක්කන සිද්ධිය කතුවරයා විග්‍රහ කරන ආකාරය සමඟ අපට එකඟ විය නොහැක. රඹුක්කන විරෝධතාකරුවන් දුම්රිය හරස් මාර්ගයක තබා තිබූ පෙට්‍රල් බවුසරයට ගිනි තැබීමට සමත් වූයේ නම් මුළු නගරයම ගිනි ජාලාවකින් වෙලී ගොස් සිදු වන විනාශය සිතාගත නොහැකි තරම්ය. කතුවරයා මියගිය පුද්ගලයාගේ බිරිඳට සහ දරුවන්ට පොත කැප කරමින් ගරා වැටුණු විරෝධතාකරු වීරයෙකු බවට පත් කරයි. නමුත් රට පුරා සිටින විරෝධතාකරුවන් ලේ සහ මළ සිරුරක් සොයමින් සිටි බවත්, ගාලුමුවදොර විරෝධතා භූමියේ අවමංගල්‍ය පෙරහැර, ශෝකාලාප සහ විලාප තැබීමට මෙම මරණය සිදුවූයේ කෙසේදැයි කතුවරයාට නොපෙනේ. USAID ප්‍රදානවල ප්‍රධාන ප්‍රතිලාභියෙකු වන ශ්‍රී ලංකාවේ නීතිඥවරුන්ගේ සංගමයෙ හි කළු ආලේපිත කනිෂ්ඨ හවුල්කරුවන්  දැන් මෙම   නඩුවෙන් සම්පූර්ණයෙන්ම අත සෝදාගෙන ඇත. නමුත්  සමහර විරෝධතාකරුවන්ට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාවේ නීතිඥවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ශ්‍රී ලංකාවේ ජනාධිපති කිරීමට බව මතක් කළ යුතුය!

ඊළඟට කතුවරයා ගාලුමුවදොර පිටිය අසල නවතා ඇති හමුදා ට්‍රක් රථ පෙළ වෙත පාඨක අවධානය යොමු කරයි. මෙම අවස්ථාවේදී ජුලී චුන්ග් සහ තවත් අමාත්‍යවරයෙකු (නම සඳහන් කර නොමැත)  එම ට්‍රක් රථ ඉවත් කිරීමට ගෝඨාභය රාජපක්ෂව පොළඹවා ගෙන ඇත. එසේ නොවන්නේ නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි ණය ලබා දීම  සිදු නොවනු ඇත යන ඇගේ තර්ජනය හමුවේ” ගාලු මුවදොර අවටින් ට්‍රක් රථ ඉවත් කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ නියෝග කර තිබුණි. “අපි සාමාන්‍ය මිනිස්සු දැනගෙන හිටියා හමුදා ට්‍රක් රථ ගල්ලු මුවදොරට එනවා ආපසු  යනවා කියලා. ඒත් දැන් තමයි අපිට හරියටම තේරෙන්නේ මොකක්ද උනේ කියලා.” වීරවංශ පවසයි. ගාලු මුවදොර අවට ප්‍රදේශයට ට්‍රක් රථ ගෙන ඒම ශක්තිය පෙන්වීමක් විය නොහැ කි බව පවසන රචකයා චුන්ග්ට අවශ්‍ය වූයේ ගාලු මුවදොර විරෝධතාව තිර රචකයින් විසින් අපේක්ෂා කරන පරිදි එය මල්ඵල ගන්වන තෙක් විරෝධතාකව ඉදිරියට තල්ලු කිරීමට බව පවසයි.

මේ අතර අමෙරිකානු තානාපතිවරයා පොලිස්පතිවරයා, ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා, බුද්ධි අංශ ප්‍රධානියා ඇතුළු ආරක්ෂක අංශවල ඉහළ පෙළේ නිලධාරීන් දිගින් දිගටම හමු වූ අතර, මෙම නිලධාරීන් සියලු දෙනාම තානාපතිවරයා හමුවී ඇත්තේ ජනාධිපතිවරයාගේ අවසරයකින් තොරව බවද “නවය; සැඟවුණු කතාව”  කෘතියේ සඳහන් වේ. මෙය රට අරාජිකත්වයට පත් කරමින් තම පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහා විරෝධතාකරුවන්ට එරෙහිව ප්‍රතිචාර නොදැක්වීමට මානසිකව ඔවුන්ව පොළඹවාලීමට සමානය. මේ කාලය තුළ තානාපතිවරයා චන්ද්‍රිකා බණ්ඩාර කුමාරණතුංග සහ මෛත්‍රීපාල සිරිසේන හමුවී ඇත. තවත් බොහෝ මන්ත්‍රීවරුන් සහ දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් සමාජ” ක්‍රියාකාරිකයින් ඔවුන්ගේ නම් සඳහන් නොකර ජූලි චූන්ග් හමුවූ බව විමල් වීරවංශ පවසයි. “නවය; සැඟවුණු කතාව”  එළිදැක්වීමේ උත්සවයේ සම්භාවනීය ආරාධිතයෙකු වූ ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර ද එවැන්නෙකු බව අපට ලැයිස්තුවට එකතු කළ හැකිය. මේ කලබලකාරී කාලසීමාව තුළ ජුලී චුන්ග් හමුවූ දේශපාලනඥයන්, මන්ත්‍රීවරුන්, මාධ්‍යවේදීන් සහ රාජ්‍ය නොවන සංවිධාන වල රදලයන්ගේ නම් අපි කලින් ලිපිවල සඳහන් කර ඇත්තෙමු.වීරවංශ විරෝධතාකරුවන්  නොදැන සිටි විරෝධතාවේ අවසාන ප්‍රතිඵලය පිළිබඳව චුන්ග් දැන සිටි බව සිය ග්‍රන්ථයෙන් හෙළි කරයි.

විරෝධතාකරුවන්ගේ සැබෑ මුහුණුවර හෙළිදරව් කළ මැයි 9 වැනිදා සිදුවූ සිදුවීම් කතුවරයා විස්තර කරයි. සේනාධිනායකවරයාගේ නියෝගවලට පටහැනිව ගාලුමුවදොර දෙසට ඇදෙන මැරයන් නතර නොකරන ලෙස කොළඹ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව කතුවරයා සඳහන් කරයි. ප්‍රේමයේ ඊනියා විරෝධය” මිනීමැරුම්, ගිනි තැබීම්, දේපළ විනාශ කිරීම සහ සමස්ත විනාශය බවට පරිවර්තනය වී ඇති ආකාරය සහ ඇතැම් නළු නිළියන්, ගායකයින්, ලේඛකයින්, කවියන්, මාධ්‍යවේදීන්, යූ ටියුබර්ස්ලා, වැනි කණ්ඩායම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට “නවය; සැඟවුණු කතාව”  විශාල ඉඩක් ලබා දෙයි. සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ විශ්වවිද්‍යාල විද්වතුන් සමාජ මාධ්‍ය ව්‍යාපාරයට සම්බන්ධ වූයේ ප්‍රචණ්ඩත්වයේ, විනාශයේ සහ මරණයේ ගිනිදැල් අවුස්සමිනි. කතුවරයා මෙම පුද්ගලයින් නම් කිරීමට අපොහොසත් වන්නේ ඔවුන් තානාපතිවරුන් සහ අනෙකුත් ඉහළ පෙළේ නිලධාරීන්ට සාපේක්ෂව කුඩා පැටවුන් නිසා විය හැකිය. කතුවරයා පවසන්නේ ආදරය යනු ප්‍රචණ්ඩත්වය සහ විනාශය සඟවන වැස්මක් පමණක් බවයි. මේ අනුව, ප්‍රචණ්ඩත්වය  ප්‍රති-ප්‍රහාර ලෙස නම් කර යුක්ති සහගත කර ඇත.

නමුත් ආපසු හැරී බැලීමේදී අපට එකතු කළ හැක්කේ විරෝධතාකරුවන්ගෙන් වැඩි දෙනෙක් ජවිපෙ/ජාජපෙ හෝ පෙසපෙ හි ක්‍රියාකාරීන් හෝ හිතවාදීන් බවත්, එම ගායකයින්, නළුවන්, ගී පද රචකයින්, සංගීත අධ්‍යක්ෂවරුන් “තේජාන්විත දිනයේදි” රාජපක්ෂවරුන්ට උපහාර පුද කරමින් ලංකා මාතාවගේ “සුජාත දූ පුතුන්ගේ මළ සිරුරුවලට” උපහාර දැක්වූ  පුද්ගලයන්ම බවත්ය.  එවැනි එක් අයෙක් රාජපක්ෂවරුන්ගේ පූර්ණ ආශිර්වාදය සහ අනුග්‍රහය ඇතිව අරලියගහ මන්දිරයේ දී තම දියණියගේ විවාහ මංගල්‍යය පැවැත් වූ බව අපට සහතික විය හැකිය. රනිල් වික්‍රමසිංහ මහතා තම පාර්ලිමේන්තු කතාවකදී සහ නිදහස් දින උත්සවයේදී පිළිවෙළින් ගාලු මුවදොර සහ පොල්දූව හන්දියේ යට ඇඳුම් එල්ලීමට මුල් වූ පුද්ගලයාගේ මුහුණු පොතේ ගිණුම සහ  මේ පුද්ගලයාගේ ගීතයක් උපුටා දැක්වීම ඓතිහාසික සරදමක් විය.

පෙසප ඇතුළු බොහෝ කණ්ඩායම් මෙම ප්‍රහාරවලින් සහ ප්‍රචණ්ඩත්වය මුදා හැරීමෙන් වශීවී සිටියහ. ඔවුන් එය රුසියානු විප්ලවයේ සමානකමක් දුටු අතර කලාපීය කැරලිකාර කණ්ඩායම් පිහිටුවීමට ඉල්ලා සිටියහ. මෙම අවස්ථාවෙහිදී “නවය; සැඟවුණු කතාව” ලියූ කතුවරයාගේ ලොකුම ලිස්සා යාම බොල්ෂෙවික් විප්ලවයේ මූලධර්ම ඉස්මතු නොකිරීම සහ බොල්ෂෙවික්වරු දැවැන්ත බාධකවලට එරෙහිව බලය අල්ලා ගත් ආකාරය විග්‍රහ නොකිරීමයි. ඉතිහාසයේ සිදුවූ දේ තම පටු දේශපාලන ක්‍රීඩාවලට ගැළපෙන ලෙස සංශෝධනය කිරීමටත්, මංකොල්ලකරුවන් සහ කොල්ලකරුවන් පිළිවෙලින් විප්ලවවාදී සහ විප්ලවීය අවස්ථාවන් ලෙසත් පින්තාරු කිරීමට කිසිවෙකුට ඉඩ නොදිය යුතුය.

ඊළඟට කතුවරයා කරන්නාගොඩ කමිටුවේ නිගමන වෙත අවධානය යොමු කරයි. ආරක්ෂක අංශ සියල්ලන්ම නිහඬ නිරීක්ෂකයින් ලෙස දැක බලා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස දිවයින පුරා ප්‍රචණ්ඩත්වය මුදා හැරීමට විරෝධතාකරුවන්ට හැකි වූ බව කතුවරයා අනුමාන කරයි. කතුවරයා ප්‍රතික්ෂේප කළ නොහැකි එවැනි නිෂේධාත්මක ක්‍රියාවකට හේතු දක්වයි.එනම් අවසානයේ වැදගත් වන්නේ රට හෝ රාජ්‍යය නොව පුද්ගලික හිතවත්කම් සහ පවුල් සබඳතායි.

“සිංහාසනය රනිල්ට යන උපමාතෘකාව යටතේ (පිටුව 57) ගෝඨාභය රාජපක්ෂ  විසින් රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති තනතුරට පත් කළ පසු ගාලුමුවදොර විරෝධතාව සම්බන්ධයෙන් රනිල් කළ හාස්‍යජනක ප්‍රකාශ ගෙන ඒමට වීරවංශ මහතා අසමත් නොවේ.” විරෝධතාව නවත්වනවා වෙනුවට එය දිරිමත් කළා”.කෙසේ වුවද ගාලුමුවදොර පිටිය තම නිවහන කරගෙන ගාලුමුවදොරට සහය පළකරමින් දැඩි සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් දියත් කළ එජාප පාක්ෂිකයන්ගේ නම් කතුවරයා සඳහන් නොකරයි. එම පිරිස් රනිල් වික්‍රමසිංහ ජනාධිපති බවට පත් වන විට හොඳම තනතුරු ලබාගත් අය වූහ.

නොබෙල් ත්‍යාගලාභී, නයිජීරියානු ලේඛක සහ නාට්‍ය රචක වොලෙ සොයින්ක් ( Wole Soyink) 1978 දී වීදිවල, වෙළඳපල ස්ථානවල සහ ලොරි රථ නැවතුම්පල වල විකට නාට්‍ය මාලාවක් ඉදිරිපත් කළේය. එවැනි එක් විකට චිත්‍රපටයක් නම් කර තිබුණේ “හෝම් ටු රූස්ට්(කුකුල් කූඩුවට නිවසක්)” යනුවෙනි. රනිල් වික්‍රමසිංහ වෙතින් පත්වීම් ලැබූ අය මෙම කෙටි විකට චිත්‍රපටවල නිරූපිත සමහර චරිත අපට මතක් කර දෙන අතර එහි මාතෘකාව මෙම මහතුන්ට හරියටම ගැලපේ.

තවමත් බොහෝ දෙනෙක් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ට දොස් පවරති. එහෙත් ආර්ථික අර්බුදයේ මූලාරම්භය පොතේ 59 පිටුවේ පැහැදිලි කර ඇති පරිදි යහපාලන පාලන සමය දක්වා දිව යයි. ණය උගුලකට සහ ගෙවුම් ශේෂයේ අර්බුදයට හේතු විද්වත් කමිටු වාර්තාවක් උපුටා දක්වමින් පෙන්වා දීමට කතුවරයා කටයුතු කර තිබේ.

වීරවංශ විසින් හෙළිදරව් කරන ලද මෙම නාට්‍යයේ තවත් කුතුහලය දනවන කථාංගයක් වන්නේ මැල්කම් රංජිත්  කාදිනල් හිමිපාණන් සමඟ ඒකාබද්ධ  ගාලුමුවදොර විරෝධතාකරුවන්ගේ ගෝඩ් ෆාදර් ලෙස කටයුතු කළ ඕමල්පේ සෝභිතය. පාඨලී චම්පික රණවක අගමැති කරන ලෙස මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටින ලෙස සෝභිත හිමියෝ සමහර අනුනායකවරුන්ට (නම් හෝ නිකාය සඳහන් කර නැත; නමුත් මහා විහාරය ලෙස හඳුන්වන්නේ අස්ගිරිය හෝ මල්වතු යන්නයි) බල කර ඇත. මේ වන විට ජුලී චුන්ග් රණවක මහතා හමුවී වත්මන් ආර්ථික අර්බුදය විසඳීම සඳහා ඔහුගේ (රණවකගේ) දැක්ම බෙදා ගනිමින් සහයෝගයෙන් කටයුතු කරන්නේ කෙසේදැයි සාකච්ඡා කර තිබුණි. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීමට කිසිවකු ජුලිට ජනවරමක් දී නැත. මේ සම්බන්ධයට නළු නිළියන් කී දෙනෙක් සහභාගි වී ඉන්නවාද? ගණන් කළ නොහැකියි.

වීරවංශ ගාලු මුවදොර පිටියේ එක්සත් ජනපද පා සටහන් විස්තර කිරීමට පිටු 65 සිට 80 දක්වා වෙන් කරයි; අධිරාජ්‍යවාදීන් විවිධ රටවල ඊනියා වර්ණ විප්ලව” කළ ආකාරය, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන එක්සත් ජනපදයට අයත් සංවිධාන එක්සත් ජනපදය විසින් සිය භූ දේශපාලනික අවශ්‍යතා ඉටු කිරීම සඳහා යොදා ගන්නා ලද ආකාරය මෙන්ම මෙම සංවිධාන ජනතාවගේ මනස දූෂණය කිරීමට ක්‍රියා කරන ආකාරය සහ රටේ විවිධ දේශපාලන බලවේග පාලනය කරන ආකාරය විස්තර කරයි. එමෙන්ම මෙම සංවිධාන විසින් පවත්වනු ලැබූ විවිධ වැඩසටහන්වලට සහභාගී වූ සියලුම පුද්ගලයින් සහ මාධ්‍යවේදීන් ඇතුළු චුන්ග් සමඟ ඡායාරූපවලට පෙනී සිටි නියෝජිතයින් ගාලු මුවදොර ප්‍රදේශයේ අරගලයේ ප්‍රධාන සහ අවශේෂ කාර්යභාරයන් ඉටු කළහ. කතුවරයා මෙම කුරුස යුද්ධ භටයන්ගේ බොහෝ ඡායාරූප ග්‍රන්ථයට ඇතුළත් කර තිබේ. එම ඡායාරූප වල චුන්ග් මැදට වන්නට හිඳිමින් ආඩම්බරයෙන් ඡායාරූප වලට පෙනී සිටී.

2022 අගෝස්තු 20 වැනි දින ලංකාවෙබ් හි පළ කරන ලද “ගාලු මුවදොර විරෝධතා අඩවියේ එක්සත් ජනපද පා සටහන් ( US Footprints at the Galle Face Protest Site)” යන මැයෙන් වඩාත් සවිස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කරමින් සංයුක්ත උදාහරණ සපයන අපගේ ලිපිය වෙත පාඨක අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමු. වීරවංශ 81-89 පිටුවල ගාලු මුවදොර විරෝධතාව දෙමළ ඩයස්පෝරාවේ අරමුදල්වලින් බෞද්ධ විරෝධී ව්‍යාපාරයක් බවට පත් වූ ආකාරය පැහැදිලි කරයි. ගාලුමුවදොර විරෝධතාකරුවන්ගේ සංස්කෘතිය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් සඳහා අපි නැවතත් පාඨක අවධානය  2022 සැප්තැම්බර් 3 වැනි දින ලංකාවෙබ් (lankaweb) වෙබ් අඩවියෙහි පළ කරන ලද අපගේ “ගාලු මුවදොර විරෝධතාවයේ සංස්කෘතිය ( Culture of Galle Face Protesters) “ යන ලිපිය වෙත යොමු කරන්නේ ඒ තුළ අපි මේ පහත් නීච සංස්කෘතියේ පැති 21ක් හඳුනා ගත් නිසායි.

ජූලි 9 සහ ඉන් පසුව දිග හැරුණු අධම, අශෝභන, බිහිසුණු ක්‍රියාවන්,  පොතේ 90 පිටුවේ සිට 102 දක්වා විස්තර කර ඇත. මෙම ක්‍රියාවන් බොහොමයක් පළමුවරට එළිදැක්වීම මෙම කෘතියේ ඇති විශේෂත්වයයි. මේවායින් සමහරක් තව කෙනෙක්ගෙන් අහපු කෙනෙක්ගෙන් අපට ඇසුනු නමුත් ඒවා වැඩිදුර විමර්ශනයට ආරාධනා කරමින් පළමු වරට ලේඛනගත කෙරේ.

මැයි 9 වැනිදා කොළඹට රොක් වූ අතිවිශාල ජනකාය ඔත්තු සේවාවල ඇස්තමේන්තු සිල්ලර ක්‍රියාවක් බවට පත් කර තිබිණි. යුද හමුදාපති දිවයිනේ සිටියේ නැත. වීරවංශ චෝදනා කරන්නේ ඔහුගේ ඉන්දීය සංචාරය ඉන්දියානුවන්ගේ සහය ඇතිව චුන්ග් විසින් පහසු කළ බවයි. ප්‍රසිද්ධ 53 වැනි සේනාංකයේ ඇතැම් නිලධාරීන්ගේ ආකල්ප සැක සහිත බව කරන්නාගොඩ කමිටුවේ නිරීක්ෂණයන් උපුටා දක්වමින් වීරවංශ මහතා පවසයි. ඔහු චෝදනා කරන්නේ ජනාධිපති මන්දිරය දෙසට ගමන් කරන හමුදා ආරක්ෂක බාධක  ප්‍රබල බලවේගයකට ඔරොත්තු දිය නොහැකි ලිහිල් හා අවදානම් සහිත වූ බවයි. විරෝධතාකරුවන්ගේ මහ මොළකරුවන් සැලසුම් කර තිබුණේ පස්වරු 2 ට පමණ ජනාධිපති මන්දිරයට කඩා වැදීමටයි. එහෙත් ආරක්ෂක දුර්වලතා හේතුවෙන් ඔවුන් බලාපොරොත්තු වූවාට වඩා පහසුවෙන් හමුදා බාධක බිඳ දමා දහවල් දොළහට පෙර ජනාධිපති මන්දිරයට කඩා වැදීමට විරෝධතාකරුවන්ට හැකි විය. ගෝඨාභය රාජපක්ෂට ඔහුගේ ආරක්ෂක ප්‍රධානීන් විසින් සියල්ල පාලනය කර ඇති බව දැනුම් දෙන ලදී. නමුත් 2022 මාර්තු 31 මිරිහාන ප්‍රහාරයෙන් පසු ඔහු පදිංචිව සිටි ජනාධිපති මන්දිරයට විරෝධතාකරුවන් කඩා වදින බව අහම්බෙන් රූපවාහිනී නාලිකාවක් සක්‍රීය කිරීම නිසා ඔහුට පෙන්වා දී ඇත. වහාම ජනාධිපති මන්දිරයෙන් ගෝඨාභය රාජපක්ෂව ඉවත් කිරීමට නාවික හමුදාපතිවරයා කළ  සැලැස්ම ක්‍රියාත්මක කරන ලදී. ඔවුන් සිතුවාට වඩා ඉතා පහසුවෙන් සහ කලින් ජනාධිපති මන්දිරය බලහත්කාරයෙන් අල්ලා ගැනීමට විරෝධතාකරුවන්ට හැකි විය.

වීරවංශ ඊළඟට හෙළිදරව් කරන්නේ මෙම යටි කුමන්ත්‍රණයේ භයානකම කොටසයි. ගෝඨාභය රාජපක්ෂට රටින් පැන යාමට ගුවන් යානයක් පොරොන්දු වූ ඉන්දියාව එම පොරොන්දුව ඉටු කර නැත. ඉන්දියානුවන්ට අවශ්‍ය වූයේ ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ තනතුරු වලින් පහ කිරීමටය. වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ හරහාද මෙම ඉල්ලීම කර ඇත. නවදිල්ලියේ ශ්‍රී ලංකා නියෝජිත මිලින්ද මොරගොඩ ද රනිල් ඉවත් කරන ලෙස ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා ඇත.මෙම සිද්ධිය ජුලී චුන්ග් සහ ඇගේ සහචරයන් අපේ රට අස්ථාවර කිරීමට උත්සාහ කරන අතරේ අපගේ නියෝජිතයන් වෙනත් රටවල අවශ්‍යතා ආරක්ෂා කිරීමට කටයුතු කරන ආකාරය පෙන්වන තවත් එක් සිද්ධියක් පමණි.

වීරවංශ කියා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ලේකම්වරයා වන ගාමිණී සෙනරත්  ලිපි දෙකක් සකස් කර ඔහුගේ අත්සන සඳහා මාලදිවයිනට යවා ඇති බවත්, එකක් ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම ප්‍රකාශ කරන ලිපිය බවත් අනෙක රනිල් වික්‍රමසිංහ නෙරපා හරින ලිපිය බවත්ය. නමුත් වීරවංශ පවසන ආකාරයට ගෝඨාභය රාජපක්ෂ දෙවැනි ලිපියට අත්සන් කර තිබුණේ නැත. මේ අවස්ථාව වන විට පාර්ලිමේන්තුවට කඩා වැදී එය අල්ලා ගැනීමට සැලසුම් සකස් කර තිබුණි. ඊළඟ පියවර වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය අත්පත් කර ගැනීමයි. මෙය ජාතික රාජ්‍යයේ වැටීම සනිටුහන් කරන අරාජිකත්වය, ව්‍යවස්ථාදායකය, විධායකයේ ආසනය සහ අධිකරණය අරාජකවාදීන් අතට පත්වීමට තුඩු දීමට ඉඩ තිබුණි.

එලෙසම වීරවංශ හෙළි කරන්නේ කථානායකවරයා හමුවීමට ඔහුගේ නිල නිවසට පැමිණි ඉතා බලගතු ආගමික නිකායක (බෞද්ධ නොවන) නායකයෙකු ඔහු සමඟ පැය දෙකක පමණ කාලයක් සාකච්ඡා කර ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පසු ජනාධිපතිකම පිළිගන්නා ලෙස ඉල්ලා සිටි බවයි. වීරවංශ මෙම ආගමික ප්‍රභූවරයා ලෙස නම් නොකළත් ඒ කවුදැයි අනුමාන කිරීම පහසුය. ඔහුට ගැලවීමේ හමුදාවේ අණ දෙන නිලධාරියා විය නොහැක! පාඨකයාට මෙතෙක් ප්‍රවේශ නොවූ බොහෝ දේ හෙළිදරව් කළ වීරවංශ මෙම කාරණය සඟවන්නේ ඇයි? එය තවත් සැඟවුණු කතාවක්ද?

වීරවංශ ඊළඟට පෙන්වන්නේ අනපේක්ෂිත අමුත්තියකි. ජූලි චුන්ග් ඇගේ නම විය. ඇය කථානායකවරයාට ජනාධිපතිකම පිළිගන්නා ලෙස බලපෑම් කර අණ කරයි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව කථානායකවරයා තානාපතිවරියට පුන පුනා පවසා තිබිණි. දැන් පාඨකයාගේ මතකයට නැගෙනවා  ඇති ජනතා විමුක්ති පෙරමුණ වැඩබලන ජනාධිපතිවරයා ලෙස කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අතුරු ආණ්ඩුවක් පිහිටුවන ලෙස ඉල්ලා සිටීම. ජුලී චුන්ග් ජවිපෙ නායක අනුර කුමාර හමුවීමෙන් පසු  ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් “මට ජවිපෙ සැලකිය යුතු පක්ෂයක්. ඔවුන්ට වැඩෙන රූපාකාරයක් ඇත. ඔවුන් මෑත කාලයේ මහජනතාවගේ සිතුම් පැතුම් සමඟ අනුනාද වෙමින් සිටියි. ඔවුන් වර්ධනය වන දේශපාලන පක්ෂයක් වන අතර ඔවුන්ගේ අදහස් මහජනතාව විසින් පිළිගනු ලැබ තිබේ.” චුන්ග් ඇගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට ජවිපෙ යොදා ගත්තේද? විමල් වීරවංශට මේ වැදගත් කාරණය මග හැරී තිබේ. ගාලුමුවදොර විරෝධතාවට ඇමරිකාව සම්බන්ධ බව ලාල්කාන්ත පිළිගත්තේ කෙසේද? ඔවුන් ගාලුමුවදොර විරෝධතාවයට සහභාගී වූයේ එහි හසුරුවන්නන් සහ මූල්‍යකරුවන් බව පැහැදිලිව දැනගෙනද?

මුළු දිවයිනෙන්ම ඡන්ද 14522ක් පමණක් ලබාගත් පෙසපයේ ශක්තිය විශ්ලේෂණය කරන වීරවංශ (පිටුව 77) විරෝධතාවයේදී දැවැන්ත මුදල් ප්‍රමාණයක් යෙදවූයේ කෙසේදැයි විමසයි. එය තේරුම් ගැනීම ඉතා සරල ය. එවකට ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ පැවසුවේ මෙම පිලිස්තීනුවා (පෙසප නායකයා) විදේශ ඔත්තු සේවයක උපදෙස් පරිදි පක්ෂය කැඩුව බවයි!

චුන්ග්ගේ නික්ම යාමෙන් පසු කථානායකවරයා පැලවත්ත ආරක්ෂක සේනා මූලස්ථානයට ගොස් එහි සිටි රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. ඔවුන් රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස ගිනිදැල්වලින් වැසී යන ආකාරය දක්වන රූපවාහිනී විකාශනයක් නැරඹීය. වීරවංශ පවසන්නේ ගිනි තැබීම් මැඩපැවැත්වීමට ආරක්ෂක ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ  වෙත යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.රනිල් වික්‍රමසිංහ පිටව ගොස් තිබේ. මෙම අවස්ථාවේදී යුධ හමුදාපතිවරයා කථානායකවරයාගෙන් ඉල්ලා ඇත්තේ රනිල් වික්‍රමසිංහට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටින ලෙසයි. සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම ආරක්ෂක අංශවලට භාරදූර කාර්යයක් බව යුද හමුදාපතිවරයාගේ අදහස වී තිබේ.

වරෙක ශ්‍රී ලංකා හමුදාවට අණ දී දැන් මන්ත්‍රීවරයෙක්ව සිටින අයෙකු වත්මන් හමුදාපතිවරයාට දුරකථනයෙන් දිගින් දිගටම උපදෙස් දුන් බවත්, ඔහුගෙන් ලැබුණු ප්‍රතිචාර අතිශයින් ධනාත්මක බවත් වීරවංශ හෙළි කරයි. එක් අවස්ථාවකදී මෙම මන්ත්‍රීවරයා හමුදාපතිවරයාට 13 වතාවක් දුරකථන ඇමතුම් ලබාදී ඇති බව පවසන  කතුවරයා මෙම පුද්ගලයා කවුදැයි නම් නොකරයි.

වීරවංශ මේ කොටස අවසන් කරන්නේ ඇමෙරිකානු තානාපතිවරියට ශ්‍රී ලංකාවේ තවත් ලිබියාවක් ඇති කිරීමට අවශ්‍ය වූ බව පවසමිනි. මුහම්මාර් ගඩාෆි මරා දැමීමෙන් පසු ඇමරිකානුවන් ලිබියාවේ අන්තර්වාර රජයක් ස්ථාපිත කළේ එහි කථානායකවරයාගේ ප්‍රධානත්වයෙනි. එම ආණ්ඩුවේ අසුන් ගන්නේ කවුරුන්ද යන්න නම් කිරීමට වීරවංශ අමතක නොකරයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ ජුලී චුන්ග් සහ ගාලුමුවදොර විරෝධතාකරුවන්  “A” සැලසුම ඉටු කිරීමට අපොහොසත් වූ බවයි. “රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීම වලක්වාලීමට අපොහොසත් වූ එක්සත් ජනපදය දැන් ඔවුන්ගේ “B” සැලැස්ම  අනුගමනය කරමින් සිටී. ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ සමඟ කටයුතු කරයි.” මෙය පැහැදිලි කිරීම සඳහා ජුලී චුංගේ මේසයෙන් මතු වූ බොහෝ ට්විටර් පණිවිඩ වීරවංශ උපුටා දක්වයි. වීරවංශ කෘතියේ 105-114 පිටුවල 2023 ජනවාරි මාසයේදී නුලන්ඩ්ගේ දෙවන ශ්‍රී ලංකා සංචාරය සහ ඉන් දෙසතියකට පසුව සිදු වූ ඉහළම රහස් මෙහෙයුම වන  CIA අධ්‍යක්ෂ විලියම් ජෝසප් බර්න්ස් ඇතුළු ඉහළ පෙළේ එක්සත් ජනපද නියෝජිත පිරිසගේ සංචාරය සහ රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සහ අභිලාෂයන්ට අහිතකර එක්සත් ජනපද ඉල්ලීම් හතරෙන් තුනකට එකඟ වූ ආකාරය විස්තර කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය මුදා හැරීම මෙම කොන්දේසි සමඟ ගැටගැසූ බවත් පළමු වාරිකය නිදහස් කිරීම ප්‍රමාද වූයේ මෙම එකඟතාව අපේක්ෂාවෙන් බවත් වීරවංශ පවසයි. මින් අපට පෙනී යන්නේ IMF කොන්දේසි වලට විරුද්ධ වීම ” වෘත්තීය සමිති, විද්වතුන් සහ සමහර දේශපාලකයන් විසින් මනඃකල්පිත වන අතර සැබෑ තත්වයන්” ඇමෙරිකානුවන් සහ ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ අනුගාමිකයින් පමණක් දන්නා අභිරහසකින් වැසී ඇති බවයි.

අපි “නවය; සැඟවුණු කතාව” ග්‍රන්ථයේ ඇතැම් පුද්ගලයන්ට එල්ල වී ඇති චෝදනා කුමන්ත්‍රණ න්‍යායන් ලෙස සරලව බැහැර කරනවාද? “නවය; සැඟවුණු කතාව” තුළ නම් සඳහන් කර ඇති අය තමන්ට එල්ල වී ඇති චෝදනා  මෙතෙක් ප්‍රතික්ෂේප කර නැත. වීරවංශගේ හෙළිදරව්ව ගැන සොයා බැලිය යුතුයි. නමුත් ෆොන්සේකා, ටිල්වින් සිල්වා ඇතුළු පිරිස විසින් දැනටමත් කර ඇති අපහාසාත්මක ප්‍රකාශ හැර, රනිල් වික්‍රමසිංහ යටතේ එවැනි පරීක්ෂණයක් හෝ කෘතියේ සඳහන් ජුලී චුන්ග්ගෙන් හෝ වෙනත් අයගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු විය නොහැක. රනිල් වික්‍රමසිංහ යනු ලූලා ද සිල්වා කෙනෙකු නොවන්නේය. 2023 පෙබරවාරි 5 වැනි දින පළ කරන ලද “කොළඹ ජනාධිපති මන්දිරයේ සිට බ්‍රසීලයේ බ්‍රසීලියාවේ ප්ලැනල්ටෝ ජනාධිපති මන්දිරය දක්වා සහ පේරු හි ඇන්ඩියන් කඳුකරය දක්වා (From Presidential House in Colombo to Planalto Presidential Palace in Brasilia in Brazil and Andean Mountains in Peru )  යන මාතෘකාවෙන් යුතු ලිපියෙන් බ්‍රසීල බලධාරීන් කැරැල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් ආරම්භ කළ ආකාරය අපි විස්තර කර ඇත්තෙමු.නමුත් ඒ සමගම, ශ්‍රී ලංකාවේ විරෝධතාකරුවන්ට ක්‍රෝධයෙන් උමතුව හැසිරිමට  ඉඩ සලසන ආරක්ෂාවේ හිතාමතාම අඩුපාඩු රාශියක් සිදු කර ඇති බැවින් එවැනි පරීක්ෂණයක් ශ්‍රී ලංකාවේ සිදු නොවන බව අපි ප්‍රකාශ කළෙමු.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ශ්‍රී ලංකාවේ අරාජික තත්ත්වයට තුඩු දෙන හේතු සොයා බැලීමට ස්වාධීන කොමිෂන් සභාවක් පත් කර ඇති බැවින්” සාක්‍ෂි ඉල්ලා සිටින බැවින් එම කොමිසම පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ “නවය; සැඟවුණු කතාව”  පොත ලිඛිත දේශන ලෙස පිළිගෙන සවිස්තරාත්මක අධ්‍යයනයක් කළ යුතුය. මෙම කොමිෂමේ සාමාජිකයින් කිහිප දෙනෙකු “නවය; සැඟවුණු කතාව”  එළිදැක්වීමේ අවස්ථාවට පැමිණ සිටි අතර, මෙම පොතේ පිටපත් ලබාගෙන විමල් වීරවංශ මහතාගේ කතාවට (ඔහුගේ වාචික ඉදිරිපත් කිරීම් අඩු වැඩි වශයෙන්) සවන් දුන්හ.

(සේන තෝරදෙනිය මහතා විසින් www.lankaweb.com  වෙබ් අඩවියට “NINE; THE HIDDEN STORY” – WIMAL WEERAWANSA’S VALIANT REVELATIONS  මාතෘකාව යටතේ ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනයයි.)

NINE; THE HIDDEN STORY” – WIMAL WEERAWANSA’S VALIANT REVELATIONSBy Sena Thoradeniya

පරිවර්තනය: ජීවන්ත ජයතිස්ස

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More