ලෝකයේ කිසිඳු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් රටේ සාමාන්‍ය නීතිය යටතේ ත්‍රස්ත විරෝධී පනතක් ගෙන නොඑන බවත්, රනිල්, විජේදාසගේ නව නිර්මාණයක් වන මෙම නව ත්‍රස්ත විරෝධී පනත දුටුවොත් ලෝකයේ මෙතෙක් පහළවූ දරුණුම ඒකාධිපති පාලකයන් වන හිට්ලර්ට හා මුසෝලෝනිට පවා ලැජ්ජා හිතෙන තරමේ මෙය අතිශය භයානක පනතක් බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ජාතික සංවිධාන එකමුතුව විසින් පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී සංවිධානය කර තිබූ ‘තුවක්කුව වෙනුවට නීතිය: ත්‍රස්ත විරෝධී පනත – සමාජය මත භීෂණය වපුරන කලියුගයක ඇරඹුමක් ද?‘ ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට අද(02) එක්වෙමිනි.
රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති පුටුව භාර දී තිබුන ද අද ඔහුට හිමිව ඇත්තේ ආණ්ඩුකාර තනතුර බවත්, ජනාධිපති ලෙස කටයුතු කරන්නේ මෙරට අමෙරිකානු තානාපතිනි ජුලි චංග් බවත් ඒ මහතා සඳහන් කරයි.
ජනාධිපති පුටුවේ වාඩිවී ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරමින් සිටින රනිල් වික්‍රමසිංහ මහතාට ක්‍රියාත්මක කිරීමට න්‍යායපත්‍ර හතරක් ලබාදී ඇති බව පවසන වසන්ත බණ්ඩාර මහතා, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත්කරන්නේ ද එම න්‍යායපත්‍ර හතර ඔහු ලවා ක්‍රියාත්මක කරවීමට බව හෙළිකරයි.
සවිස්තරාත්මක කතාවට පහළින් පිවිසෙන්න…

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...