පුරවැසි කොලම

ජාතික සංවිධාන එකමුතුව විසින් පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී සංවිධානය කර තිබූ ‘තුවක්කුව වෙනුවට නීතිය: ත්‍රස්ත විරෝධී පනත – සමාජය මත භීෂණය වපුරන කලියුගයක ඇරඹුමක් ද?‘ ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සිදුකළ කතාව…

ජනපති රනිල්ට ක්‍රියාත්මක කිරීමට ලබාදී ඇති න්‍යායපත්‍ර හතර

“හිට්ලර්ට හා මුසොලෝනිට තිබූ සමාජ විරෝධී මනෝභාවය වගේ මනෝභාවයක් රනිල් වික්‍රමසිංහ මහත්තයට හරි විජේදාස රාජපක්ෂ මහත්තයට නැති නිසා සමාජ විරෝධී මනෝභාවයකින් මේ වගේ පනතක් ගෙනාවා කියල අපි විශ්වාස කරන්නේ නැහැ. මේ පනත ඔවුන්ට දීල තියෙන කොන්ත්‍රාත්තුව ඉටුකරන්න පූර්ව කොන්දේසියක්.

රනිල් වික්‍රමසිංහ මහත්තයට ජනාධිපති පුටුව භාර දීල තිබුනට අද ඔහුට හිමිවෙලා තියෙන්නේ ආණ්ඩුකාර තනතුර. ජනාධිපති ලෙස කටයුතු කරන්නේ මෙරට අමෙරිකානු තානාපතිනි ජුලි චංග්.

ආණ්ඩුකාරවරයා විදිහට කටයුතු කරමින් ඉන්න රනිල් වික්‍රමසිංහ මහතාට ක්‍රියාත්මක කරන්න න්‍යායපත්‍ර හතරක් ලබාදීල තියෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත්කරන්නේ ඒ න්‍යායපත්‍ර හතර ඔහු ලවා ක්‍රියාත්මක කරවන්න.

මෙයින් පළමු වැන්න, 1823 දී අමෙරිකාවේ ජනාධිපතිවරයාව සිටි ජේම්ස් මොන්රෝගේ න්‍යායපත්‍රය වුන අමෙරිකානු හෙජමනිය විසින් ලොව පුරා තම ආධිපත්‍ය පතුරුවාලීමේ න්‍යායපත්‍රය. චීනයේ හා රුසියාවේ නැගීසිටීමෙන් මේ වන විට ගරාවැටෙමින් තියෙන අමෙරිකානු ආධිපත්‍යය රැකගන්න තමයි ශ්‍රී ලංකාව වැනි මරමස්ථාන ඩැහැ ගැනීමට ඔවුන් වැඩිවශයෙන් බලපෑම් කරමින් ඉන්නේ.

අමෙරිකාව උත්සාහ කරන්නේ එම්.සී.සී, සෝෆා වගේ ගිවිසුම් හරහා ඉන්දු පැසිෆික් න්‍යායපත්‍රයේ කොටස්කරුවක් කරගෙන ආසියාවේ නේටෝ සංවිධානයට අයිති භූමියක් ශ්‍රී ලංකාව ඇතුළෙ ගොඩනගන්න.

රනිල් වික්‍රමසිංහ මහත්තය අතට ලබාදීල තියෙන දෙවැනි න්‍යායපත්‍රය තමයි ඉන්දියානු න්‍යායපත්‍රය. 1932 දී සර්දාර් පනික්කාර් ගේ න්‍යායපත්‍රය වුන ඉන්දියානු සාගරයේ පිහිටි කුඩා රාජ්‍යයන් ගිවිසුම් මගින් අර්ධ යටත්විජිත ලෙස ඇඳා ගැනීමේ මෙහෙයුම මේ න්‍යායපත්‍රය හරහා ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා ආරක්ෂක හා වෙළෙඳ ගිවිසුම් ඔවුන් යොදා ගන්නවා.

ඉන්දියාව අපේ රටේ ආර්ථික අර්බුදයට මුවාවෙලා ඩොලර් බිලියන 3ක සොච්චම් මුදලක් ලබාදීලා ඉන්දියානු රුපියල මේ රටේ භාවිතය සඳහා අනුමැතිය ලබාදීම යන කාරණා පිටුපස්සෙ මෙරටින් අත්පත්කර ගැනීමට බලාපොරොත්තු වෙන මරමස්ථාන ලැයිස්තුවක් තියෙනවා. මම ඒ ගැන මේ මොහොතේ හෙළිකරන්න යන්නේ නැහැ. මෙරට මහබැංකු අධිපතිවරයා පවතින නීති වෙනස්කර ඉන්දියානු රුපියලට අවසරය ලබාදීල තියනවා. එයත් මේ සැලසුමේම කොටසක්.

දෙරටේ ආර්ථිකය එකට ගෙට ගැසීමෙන් ඉන්දියානු අර්ධ යටත් විජිතයක් බවට මෙරට පත්කරන්න තමයි මේ මෙහෙයුම ක්‍රියාත්මක වෙන්නේ.

රනිල් වික්‍රමසිංහ මහත්තයට ලබාදී ඇති තුන්වැනි න්‍යායපත්‍රය තමයි මිල්ටන් රීඩ්මන්ගේ 1976 සිට ක්‍රියාත්මක වූ ‘නියෝ ලිබරල්‘ න්‍යායපත්‍රය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි හරහා රටේ රාජ්‍ය පාලනය අතහැර වෙළෙඳපොළට සියලුම පාලනයන් ලබා දීලා, රජය සතු මරමස්ථාන සියල්ල තුට්ටුදෙකට විකිණීම තමයි මේ න්‍යායපත්‍රය මගින් සිදුවෙන්නේ.

හතර වැනි න්‍යායපත්‍රය තමයි කලකට පෙර ප්‍රභාකරන් අතට දී තිබුනු ඉන්දු – අමෙරිකානු බෙදුම්වාදී න්‍යායපත්‍රය. අද බංකි මූන් රනිල් වික්‍රමසිංහ මාර්ගයෙන් ඉටුකරමින් ඉන්නෙ ඒ කොන්ත්‍රාත්තුව. ජිනීවා මානව හිමිකම් කොමිසම හරහා රටට බලපෑම් කරමින් තමයි ඒ කොන්තාත්තුව ක්‍රියාත්මක කරන්න හදන්නේ.

මෙම න්‍යායපත්‍ර හතරම රටතුළ ක්‍රියාත්මක වීමේදී මෙයට එරෙහිව දැවැන්ත බලවේගයක් රටතුළ නිර්මාණය වෙනවා. අන්න ඒ බලවේග මර්ධනයට තමයි නව ත්‍රස්ත විරෝධී පනත ගෙන එන්නේ.

අමෙරිකානු බලපෑම මත මෙරට ‘රෙජිම් චේන්ජ්‘ කිරීමේ මෙහෙයුම

ශ්‍රී ලංකා රාජ්‍යය අමෙරිකාවට මෙතරම් වුවමනා කරන්නේ ඇයි කියන කාරණය අමෙරිකාව හංගගෙන හිටපු, අද වන විට විවිධ පුද්ගලයන් විසින් හෙළිදරව් කරලා තියෙන අතිවිශාල ලේඛන ප්‍රමාණයෙන් සාක්ෂි සහිතව ඔප්පු වෙනවා. ශ්‍රී ලංකාවේ පැවැති මැතිවරණ හතරක දී ‘රෙජිම් චේන්ජ්‘ කිරීම සඳහා අතිවිශාල මුදලක් අමෙරිකාව විසින් ලබාදීල තියෙනවා කියන කාරණය ඒ ලේඛනවල සටහන් වෙලා තියෙනවා.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරණායක මහතාට බලයට පත්වීම වැළැක්වීමට, යුද්ධයෙන් පස්සේ සරත් ෆොන්සේකා ජනාධිපතිවරයා ලෙස ගේන්න, මහින්ද රාජපක්ෂ බලයෙන් පහකරන්න මේ විදිහට මුදල් ලබාදී තියෙනවා. ඒත් අමෙරිකාවේ ඒ සැලසුම් කිසිවක් එතරම් සාර්ථක කරගන්න බැරි වෙලා තියෙනවා.

අරාබි වසන්තය මේ රටට ගෙනල්ලා මහින්ද රාජපක්ෂ බලයෙන් පහකිරීම මෙහි එක් සැලසුමක් වෙලා තිබුනා. ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක පවා කියල තිබුනා මහින්ද රාජපක්ෂ එලවා දැමීමට අපි අරාබි වසන්තය ගේනවා කියලා.

පසුව බලයට ආපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයව ඉතා ලෙහෙසියෙන් එලවන්න මෙම සැලසුමට පුලුවන් වුනේ ඔහුගේම දුර්වලතා නිසා. කොහොම වුනත් ඒ සිද්ධියෙන් පස්සේ ඔවුන්ට අවශ්‍ය වූ පුද්ගලයා ජනාධිපති කරවන්න පුලුවන් වුනා.

මෙම සිදුවීම්වලට සම්බන්ධ බොහෝ කරුණු පසුගිය දා විමල් වීරවංශ මහත්තයා එළිදක්වපු “නවය : සැඟවුණු කතාව” කෘතියේ සඳහන් වෙලා තියෙනවා. ඒත් ජනමාධ්‍ය පවා ඒ කතාව අල්ලලා තබුනේ වැරදි තැනකින්. සමස්ත කතාව ඇතුළෙ තියෙන්නේ ඊට වඩා වෙනස් කතාවක්.

මේ සියලු කාරණා නිරීක්ෂණය කරද්දි පැහැදිලිව පෙනෙන දේ තමයි මේ රට යටත් කර ගැනීමේ අධිරාජ්‍යවාදී සුක්ෂම සැලසුමක් මේවන විටත් රට තුළ ක්‍රියාත්මක වෙමින් ඇති බව.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More