දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ දේශපාලන සිරකරුවන් කිසිවෙකු නෑ කියා ඉතාම වගකීමෙන් කියන බව පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල අද (16) පැවැති මාධ්‍ය හමුවකදි කියා සිටියේය.

“ජනපතිතුමන් යාපනයේ සංචාරය කරන විට ශිවාජිලිංගම් මන්ත්‍රිතුමා ඇතුළු පිරිසක් දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න කියලා උද්ඝෝෂණයක් කළා.  ශ්‍රී ලංකාවේ දේශපාලන සිරකරුවන් කිසිවෙකු නෑ කියා අපි ඉතාම වගකීමෙන් කියනවා.  දේශපාලන සිරකරුවන් කියන්නේ තමන් දරණ දේශපාලන මතය නිසා සිර කර තබා සිටින අය.  1983 දී ජවිපෙ, කොමියුනිස්ට් පක්ෂය, නව සම සමාජ පක්ෂය,  තහනම් කරලා නායකයින් සිර කළාම අන්න දේශපාලන සිරකරුවන්.  අද සිර ගත කර ඉන්නේ ත්‍රස්තවාදින් මිස දේශපාලන සිරකරුවන් නොවේ.  මේ ත්‍රස්තවාදින් සිර කරලා ඉන්නෙත් ත්‍රස්තවාදි සංවිධානයක සාමාජිකයින් නිසා නොවේ.  ආයුද සමග යටත් වුණු අත්අඩංගුවටත් ගත් දොලොස් දහසක් ත්‍රස්තවාදින් බව දැන දැනත් පුනරුත්ථාපනය කරලා සමාජ ගත කරන්න අපි කටයුතු කළා.  එහෙම නම් කවුද මේ හිරේ ඉන්නේ?  ත්‍රස්තවාදි ක්‍රියා කරපු බවට සමූල මිනිස් ඝාතන කරපු බවට සාධාරණ සැකයකින් තොරව ඔප්පු වෙලා සිර දඬුවම් විඳින අයයි මේ ශිවාජිලිංගම්ලාට විග්නේශ්වරන්ලාට දේශපාලන සිරකරුවන් වී සිටින්නේ. නමුත් සැබැවින්ම ගතහොත් ඔවුන් රටේ ඉන්න ඉහලම ගනයේ අපරාධ කරුවන්.”

“දෙමළ ජාතික සංධානය තරම් දෙබිඩ්ඩන් පිරිසක් ලෝකයේ තවත් නෑ.  නීතිය ඉදිරියේ අපරාධ කළ බවට ඔප්පු වුණු ත්‍රස්තවාදින් නිදහස් කරන්න කියලා උද්ඝෝෂණය කරනවා.  ඒ අතරේම කිසිම සාක්ෂි ඉදිරිපත් කිරීමකින් තොරව බොරු යුද අපරාධ චෝදනා නගමින් රණවිරුවන්ට දඬුවම් කරන්න කියලත් උද්ඝෝෂණය කරනවා.  මේ දෙකෙන් එකක් සිදුවෙන්න ඕන. එක්කෝ සියල්ලන්ටම දඩුවම් කරන්න ඕනෑ. නැතිනම් සියල්ලන්ටම සමාව දෙන්න ඕනෑ. දොං නම් දොං.  සිමං නම් සිමං. දොං සිමං දෙකක් බෑ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More