ආහාර අර්බූදයට දස වැදෑරුම් වැඩ පිලිවෙලක් ඉදිරිපත් කරන දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බණ්ඩාර මහත පවසන්නේ ආහාර අර්බූදයක් ඇතිවනවා යැය් පවසන අය්වළුන්ගෙන් විශේෂයෙන්ම අගමැතිවරයා සහ මහ බැංකු අධිපතිවරයා ආහාර හිඟයකට මුහුණ දිය යුත්තේ කෙසේදැයි නිශ්චිත වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කරන්නේ නැති බවයි. ඛනිජ තෙල් සහ ගෑස් මෙන්ම ආහාර ආනයනය සඳහා විදේශ විනිමය හිඟවීම සහ රුපියලේ අගය කඩාවැටීම නිසා ආහාර වෙළඳපළ තුළ අර්බුදයක් ඇතිවිය හැකි බවට ඔවුන් විශ්වාස කරන බව පෙනී යන්නේ යැයි වසන්ත බණ්ඩාර මහතා පවසයි. ඊට අමතරව පොහොර හිඟය නිසා යල කන්නය අසාර්ථක වීමට ඉඩ තිබෙන බවට පවතින මතය නිසා ඔවුන් එසේ අනතුරු අඟවනවා විය හැකි බව උපකල්පනය කරන ඒ මහටා ආහාර අර්බූදයක් ඇතැයි යනුවෙන් එලි දකින ක්‍රියාවලිය භීතිය මැවීමක් ලෙස හැඳින්වීමට සිදුවන්නේ කරුණු තුනක් නිසා බවද පවසයි.ඒ මහ්තාට අනුව ඉන් පළමු වැන්න ඔවුන්ගේ උපකල්පන සමස්ත මහා පින්තූරයට අනුව අර්ධ සත්‍යක් වීමය. දෙවැන්න අර්බුදයට මුහුණදීම සඳහා නිශ්චිත වැඩ පිළිවෙළක් ඉදිරිපත් කිරීමට සහ ඊට මහජන මනස සූදානම් කිරීමට හෝ මහජනයාගේ හැසිරීම් වෙනස් කිරීමට කිසිදු මැදිහත්වීමක් සිදු නොකිරීමයි. තුන්වැන්න ඔවුන් ආහාර ලෙස හඳුන්වන්නේ බහුල වවගා කරන ධාන්‍ය වර්ගයක් සහ ආනයනය කරන සෙසු ආහාර වර්ග මිස ආහාර විවිධත්වය අනුව රටේ සමස්ත ආහාර තොගය පිළිබඳව නොවන බව යන්නයි.
සම්පූර්ණ ලිපිය පහතින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...