දේශීය පුවත්

මොස්කව් නුවර ශ‍්‍රී ලංකා ව්‍යාපාරික සහ විද්වත් වෘත්තික සංසදය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් ලියමින් එරොෆ්ලොට් ගුවන් යානය අනිසි ලෙස රඳවා තබා ගැනීම හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ ගෞරවය සහ ජනාධිපති තුමාගේ ගෞරවය ආරක්ෂා කිරීම  මෙන්ම ශ‍්‍රී ලංකාවේ අර්බුදය තවදුරටත් වර්ධනය වීම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගත යුතු බව පවසයි.

මොස්කව් නුවර ශ‍්‍රී ලංකා ව්‍යාපාරික සහ විද්වත් වෘත්තික සංසදයේ සභාපති ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා ලිපියක් යවමින් මෙසේ ඉල්ලා ඇත. චන්ද්‍රවංශ මහතා එම ලිපිය මගින් පහත සඳහන් කරුණු අවධාරණය කර සිටී.

ඒවා නම්

1) ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් රුසියානු ජනාධිපති වරයාට කණගාටුව ප‍්‍රකාශ කිරීම සහ සිදුවීම පිලිබඳ වහාම සොයා බලා නිසි පියවර ගන්නා බවට සහතික වීම.

2) වානිජ කටයුතු මහාධිකරණයේ පිස්කල්වරයා සම්බන්ධයෙන් විධිමත් විනය පරීක්ෂණයක් වහාම පවත්වා ඔහු අයුතු ලෙස නිල බලය පාවිච්චි කර ඇති දැයි සොයා බැලීම..

3) නීතිපතිවරයාගේ මැදිහත් වීම මත අධිකරණයේ දැනට පවතින නඩුව පිළිබඳ සත්‍ය තත්ත්වය සොයා බලා ඒ පිළිබඳව රුසියානු රජය සහ ශ‍්‍රී ලංකාවේ මහජනතාව දැනුවත් කිරීම.

4) ගුවන් සේවා අමාත්‍යවරයා විසින් රුසියානු තානාපතිවරයාට පුද්ගලිකව කණගාටුව ප‍්‍රකාශ කිරීම.

5) ගුවන් යානය වහාම නිදහස් කිරීමට කටයුතු කිරීම සහ අදාළ ගුවන් සමාගමට සිදු වූ පාඩුව සඳහා වන්දි ගෙවීම.

6) සමස්ත ක‍්‍රියාවලිය පිළිබඳව විශේෂයෙන්ම රුසියානු – ශ‍්‍රී ලංකා සබඳතා බිඳ වැට්ටවීම සඳහා සැලසුම් සහගත ක‍්‍රියාවලියක් සිදු වූවා ද යන්න පිළිබඳව සහ ඊට වගකිවයුතු පිරිස් හඳුනා ගැනීම සඳහා ඉහළ මට්ටමේ පර්යේෂණ කමිටුවක් පත් කිරීම සහ අදාළ වාර්තාව ඉතා කෙටි කලකදී රටට ඉදිරිපත් කිරීම.

7) ඊට අමතරව රාජ්‍යයට එරෙහිව කුමන්ත‍්‍රණයක් සිදු වූවා ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව මඟින් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීම.

මොස්කව් නුවර ශ‍්‍රී ලංකා ව්‍යාපාරික සහ විද්වත් වෘත්තික සංසදය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යවන ලද සම්පූර්ණ ලිපිය පහතින්…

එරොෆ්ලොට් ගුවන් යානය රඳවා ගැනීමෙන් රුසියානු – ශ‍්‍රී ලංකා සබඳතා බිඳ දමා ශ‍්‍රී ලංකාවේ අර්බුදය උත්සන්න කිරීමට මූලික වූවන්ට දඬුවම් කළ යුතුයි- මොස්කව් නුවර ශ‍්‍රී ලංකා ව්‍යාපාරික සහ විද්වත් වෘත්තික සංසදය ඉල්ලයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More