පුරවැසි කොලම

අතිගරු ජනාධිපතිතුමා,
ජනාධිපති මන්දිරය,
කොළඹ.

අතිගරු ජනාධිපතිතුමනි,

රුසියානු ගුවන් යානයක් මත භේදයට තුඩු දෙන ආකාරයෙන් රඳවා ගැනීම මගින් රුසියානු – ශ‍්‍රී ලංකා සබඳතා බිඳ දැමීම සහ ඒ මගින් ශ‍්‍රී ලංකාවේ අර්බුදය උත්සන්න කිරීම

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන විද්‍යුත් ජනමාධ්‍ය මගින් හෙළිදරව් කළ ආකාරයට වාණිජ අධිකරණයේ විනිසුරුතුමා විසින් රුසියානු ගුවන් සේවයේ යානයක් කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා ගැනීමට නියෝගයක් ලබාදී නැත. නමුත් එම වාර්තා වලට අනුව අධිකරණයේ පිස්කල්වරයා ගුවන් යානය රඳවා ගන්නා ලෙසට ගුවන් ගමන් පාලකවරයාට තර්ජනය කර ඇත. නීතිපතිවරයාට අනුව ජාත්‍යන්තර ගුවන් සේවා නීති සහ එකඟතාවයන් මෙන්ම විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවේ රජය රුසියානු රජයට ලිඛිතව ලබා දී ඇති සහතිකය නිසා එසේ වාණිජ හේතුවක් මත ගුවන් යානය අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා ගැනීමට අධිකරණයට බලයක් නැත.

මෙම කරුණු අනුව පැහැදිලි වන්නේ ශ‍්‍රී ලංකාවේ රජය අපහසුතාවයට පත්කිරීමට මෙන්ම මෙම අර්බුදකාරි අවස්ථාවේදී රුසියානු – ශ‍්‍රී ලංකා සබඳතා බිඳ දැමීම මගින් අර්බුදය තවදුරටත් උත්සන්න කිරීමට යම් බලවේගයක් දැනුවත් ව කටයුතු කරන බවය. මේ වන විට මොස්කව් නුවර ව්‍යාපාරික සංසදය අතර සිදුවුන සාකච්ඡුා වලට අනුව මෙම මුග්ධ හෝ කුමන්ත‍්‍රණකාරී ක‍්‍රියාවලිය නිසා ශ‍්‍රී ලංකාවට ආර්ථිකයේ ක්ෂේත‍්‍ර ගණනාවකට අදාළව බරපතළ වන්දියක් ගෙවීමට සිදුවන බව ඉතා පැහැදිලිය. ආහාර, ඛනිජතෙල්, ගෑස්්, පොහොර ආදී සැපයුම් වලට පමණක් නොව තේ අපනයනය සහ සංචාරක කර්මාන්තයට බරපතළ නිෂේධාත්මක බලපෑමක් සිදු වනු ඇත. එම ක‍්‍රියාවලිය ශ‍්‍රී ලංකාවේ සිසුන්ට අධ්‍යාපන අවස්ථා ලබාදීම අත්හිටුවීම දක්වා දරුණු විය හැකි බවටද රුසියානු තොරතුරු මූලාශ‍්‍ර වලින් පැහැදිලි වේ. මේ වන විට රුසියාවේ විදේශ අමාත්‍යංශය ශ‍්‍රී ලංකාවේ තානාපතිනිය කැඳවා අප‍්‍රසාදය සහ විරෝධය ප‍්‍රකාශ කර තිබේ.

එම නිසා ශ‍්‍රී ලංකාවේ ගෞරවය සහ විශේෂයෙන්ම ඔබතුමාගේ ගෞරවය ආරක්ෂා කිරීම සහ රුසියානු – ශ‍්‍රී ලංකාවට සබඳතා යථා තත්ත්වයට පත් කිරීම මෙන්ම ශ‍්‍රී ලංකාවේ අර්බුදය තවදුරටත් වර්ධනය වීම වැළැක්වීම සඳහා පහත සඳහන් පියවර ඉතා කඩිනමින් ගත යුතු බවට යෝජනා කරමු.

1) ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් රුසියානු ජනාධිපති වරයාට කණගාටුව ප‍්‍රකාශ කිරීම සහ සිදුවීම පිලිබඳ වහාම සොයා බලා නිසි පියවර ගන්නා බවට සහතික වීම.

2) වානිජ කටයුතු මහාධිකරණයේ පිස්කල්වරයා සම්බන්ධයෙන් විධිමත් විනය පරීක්ෂණයක් වහාම පවත්වා ඔහු අයුතු ලෙස නිල බලය පාවිච්චි කර ඇති දැයි සොයා බැලීම..

3) නීතිපතිවරයාගේ මැදිහත් වීම මත අධිකරණයේ දැනට පවතින නඩුව පිළිබඳ සත්‍ය තත්ත්වය සොයා බලා ඒ පිළිබඳව රුසියානු රජය සහ ශ‍්‍රී ලංකාවේ මහජනතාව දැනුවත් කිරීම.

4) ගුවන් සේවා අමාත්‍යවරයා විසින් රුසියානු තානාපතිවරයාට පුද්ගලිකව කණගාටුව ප‍්‍රකාශ කිරීම.

5) ගුවන් යානය වහාම නිදහස් කිරීමට කටයුතු කිරීම සහ අදාළ ගුවන් සමාගමට සිදු වූ පාඩුව සඳහා වන්දි ගෙවීම.

6) සමස්ත ක‍්‍රියාවලිය පිළිබඳව විශේෂයෙන්ම රුසියානු – ශ‍්‍රී ලංකා සබඳතා බිඳ වැට්ටවීම සඳහා සැලසුම් සහගත ක‍්‍රියාවලියක් සිදු වූවා ද යන්න පිළිබඳව සහ ඊට වගකිවයුතු පිරිස් හඳුනා ගැනීම සඳහා ඉහළ මට්ටමේ පර්යේෂණ කමිටුවක් පත් කිරීම සහ අදාළ වාර්තාව ඉතා කෙටි කලකදී රටට ඉදිරිපත් කිරීම.

7) ඊට අමතරව රාජ්‍යයට එරෙහිව කුමන්ත‍්‍රණයක් සිදු වූවා ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව මඟින් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීම.

මේ වගට

ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
මොස්කව් නුවර ශ‍්‍රී ලංකා ව්‍යාපාරික සහ විද්වත් වෘත්තික සංසදයේ සභාපති



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More