කටුනායක ජාත්‍යයන්තර ගුවන් තොටුපළේ රඳවා තබා ගන්නා ලද රුසියානු රාජ්‍යයට අයත් එරොෆ්ලොට් ගුවන් යානය සම්බන්ධ සිද්ධියේදී ශ‍්‍රී ලංකාව බරපතල රාජ්‍යතාන්ත‍්‍රික ගැටලූවකට මුහුණ දෙන අයුරින් කටයුතු සිදු වී ඇති බවට කරුණු දක්වමින් ජනාධිපති තුමා වෙත සංදේශයක් භාර දීමට කටයුතු කිරීමට ජාතික සංවිධාන එකමුතුව ක්‍රියා කළේය. ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර ,දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය නියෝජනය කරමින් එහි මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර, දේශපේ‍්‍රමී ජාතික පෙරමුණ නියෝජනය කරමින් නීතිඥ නුවන් බැල්ලන්තුඩාව, මහජන යුතුකම් කේන්ද්‍රය නියෝජනය කරමින් එහි කැඳවුම්කරු වසන්ත අල්විස් සහ යුක්තිය හා පරමාධිපත්‍යය උදෙසා ජනතා හඬ සංවිධානය නියෝජනය කරමින් එහි කැඳවුම්කරු නීතිඥ මධුමාලි අල්විස් යන මහත්ම මහත්මීන් විසින් එම ලිපියට අත්සන් තබා තිබුණි. එම සංවිධාන විසින් ලිපියෙහි පිටපතක් ශ්‍රී ලංකාවේ රුසියානු තානපති කාර්යාලයට භාර දීමට ද කටයුතු කර තිබුනි.
ජාතික සංවිධාන එකමුතුව විසින් භාර දෙනු ලැබූ සම්පුර්ණ ලිපිය පුරවැසි කොළමේ පලවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...