අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය කෙටුම්පත් කර අවසන් අතර එය සඳුදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විජේදාස රාජපක්ෂ මහතා පවසා සිටියේ අමාත්‍ය මණ්ඩලය අනුමත කළ වහාම එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමේ කටයුත්ත සිදුකරන බවයි .
“ද්විත්ව පුරවැසිභාවය දරන්නන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම මෙම සංශෝධනය ගෙන ඒමේ එක් පරමාර්ථයක්. අපි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ වෙනස්කම් සිද්ධ කළේ ජනමත විචාරණයකට නොගිහින් කරන්න පුලුවන් සංශෝධන පමණයි. අපි මේ හදිසි අවශ්‍යතාවය නිසා ඒ ප්‍රමාණයට අවශ්‍ය සංශෝධන කරනවා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා දැනට පසුගිය පාර්ලිමේන්තු කාලයේ පාර්ලිමේන්තු සභාවක් විදිහට එකතු වෙලා හදපු ව්‍යවස්ථා ප්‍රතිපාදන පිළිබඳ යෝජනා තියනවා. වර්තමාන ජනාධිපතිතුමා බලයට පත් වුනාට පස්සේ එතුමා පත් කරපු විශේෂඥ කමිටුවක කෙටුම්පතක් තියනවා. මේ රටේ උතුරු නැගෙනහිර ජනතාව කරන ලොකු චෝදනාවක් තියනවා මේ බලතල බෙදීම සම්බන්ධව. ඒ සෑම පාර්ශවයක් එක්කම සාකච්ඡා කරලා සම්මුතිවාදී විදිහට ව්‍යවස්ථාවක් සම්පාදනය කරනවා” යනුවෙන් පැවසූ බව අන්තර්ජාල මාධ්‍යය ජාල පවසයි.
විජේදාස රාජපක්ෂ මහතා පක්ෂ 11 කණ්ඩායම නොමඟ යවා පසුගියදා ඔවුන් ඉදිරිපත් කළ යෝජනාවලියට නව ව්‍යයවස්ථා සංශෝධනයක් යන යෝජනාව ඉදිරිපත් කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...