දේශීය පුවත්

විජේදාස රාජපක්ෂ මහතා අධිකරණ ඇමති ධූරයට පත් වීම මගින් ව්‍යයවස්ථා සංශෝධන ක්‍රියාවලිය කඩිනම් විය හැකි බවට පවතින මතය පිළිබඳව ඊට එරෙහිව අදහස් දක්වන ජාතික සංවිධාන වල මතය ලංකා ලීඩ් වෙබ් අඩවිය විසින් විමසන ලදී.මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා ඒ පිළිබඳව දැක්වූ අදහස් ඔහුගේම වචනයෙන්,
” විජේදාස රාජපක්ෂ මහතා තමාගේ එක ඡන්දයක් පෙන්වා පක්ෂ 11 සන්ධානයේ නායකයින් ගොනාට අන්දවා ඔවුන් විසින් ජනාධිපතිට යැවූ යෝජනා 11ට ව්‍යයවස්ථා යෝජනාව ඉතා සූක්ෂමව ඇතුල් කළා. සමහර පක්ෂවල නායකයන් එම යෝජනාව තමන් ඉදිරිපත් කළ යෝජනාවලියට ඇතුල් වුණේ කොහොමද කියලවත් දන්නේ නැහැ. දැන් ඔහු පක්ෂ 11 සන්ධානයේ, දැන් පක්ෂ 10ක සන්ධානයේ නායකයින්ට කොකා පෙන්වලා ගෝඨා-රනිල් සන්ධානයට එකතු වුනා.ඔහුට අධිකරණ ඇමතිකම දෙන්නේම 2015 රනිල්-විජේදාස ඩබල 19 වැනි ව්‍යයවස්ථා සංශෝධනයේදී ගහපු ගේම් එක නැවතත් ගහන්නම තමයි. රනිල්-විජේදාස එකතුවෙන් ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න හැදුවොත් අනිවාර්යෙන්ම සිදුවන්නේ ව්‍යයවස්ථා කුමන්ත්‍රණයක්. ඒකට ගොදුරු වුනොත් ඡන්දය දෙන මන්ත්‍රීවරුන්ට එලියට ඇවිත් පාරේ බැහැල යන්න ලැබෙන්නේ නැහැ. විජේදාස රාජපක්ෂ ඉටු කරන්නේ ඉන්දියාවේ කොන්ත්‍රාත් එකක්.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More