ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා විසින් දීර්ඝ ලිපියක් රට හමුවේ තබමින් ශ්‍රී ලංකාව දණ ගස්වා ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත් කිරීමේ පස්වැදෑරුම් උපාය මාර්ගික ප්‍රවේශය පිළිබඳව විධිමත් දාර්ශනික පැහැදිලි කිරීමක් කර ඇත. ජේ ආර් ජයවර්ධන පාලනය විසින් ශ්‍රී ලංකාව මත පැටවූ නව ලිබරල් ආර්ථිකයේ තාර්කික අවසාන ප්‍රතිඵලය විසින් ජනිත කරවූ වත්මන් ආර්ථික දේශපාලන අර්බූදයේ පදනම මත හිඳිමින් එය තව තවත් තීව්‍රකරව්මින් ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීමේ උත්සාහය සාර්ථක කරවාලීමට ආණ්ඩු පක්ෂය, විපක්ෂය, ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම් මෙන්ම “ගෝටා ගෝ හෝම්” යන සටන් පාඨය කරපින්නා ගත් අහිංසක සටන් කරුවන් දක්වන දායකත්වය පිළිබඳව එම ලිපිය මගින් පැහැදිලි කෙරේ. ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ඉතිහාසයේ අඳුරුතම පැය පියමං කරවා ගැනීමට ලාංකේය දූ පුතුන් කියවිය යුතුම ලිපියක් බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමාජ දේශපාලන විශ්ලේෂකයෝ අප වෙත පවසා සිටියහ.
සම්පූර්ණ ලිපිය පහතින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...