දේශීය පුවත්

යුද අපරාධ චෝදනා වලින් රණවිරුවන්ව නිදහස් කර ගැනීමට ආණ්ඩුව පියවර ගන්නේ නැතිනම් ඉන් අදහස් වන්නේ ආණ්ඩුවේ යම් පිරිසක් දෙමළ ඩයස්පෝරාවට කප්පම් දීම මගින් ප්‍රශ්නය බේරා ගැනීමට උත්සාහයක් තිබෙන බව යැයි ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.ඒ මහතා ඒ බව තර්කානුකූලව ඔප්පු කිරීම සඳහා ජාතික පුවත් පතකට දීර්ඝ ලිපියක් සපයා ඇත. ඔහුට අනුව යුද අපරාධ චෝදනා ක්‍රියාවලිය මේ වන විට උත්සන්න කරමින් තිබෙන්නේ ආණ්ඩුව සහ උසස් හමුදා නිලධාරින් බියට පත් කර ව්‍යයවස්ථ සංශෝධන කප්පමක් ලබා ගැනීම සඳහාය.ඊට විකල්පය ලෙස කළ යුතු දේ එනම් රණවිරුවන් යුද අපරාධ සිදු නොකළ බවට නීතිමය සහ කරුණුමය සාක්ෂි ස්වභාවික යුක්තිය ඉල්ලා සිටීමේ ක්‍රියාවලිය තුළ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට, ආණ්ඩුව විසින් නොකරන්නේ නම් ආණ්ඩුව ඩයස්පෝරාවේ උගුලට පය තබන බවට ඔහු චෝදනා කරයි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සමඟ කේවල් කිරීම

ඒ ආකාරයට අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය මගින් එම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට නොහැකි වූ බැවින් ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග විසින් මානව හිමිකම් කොමිසම මගින් ජාත්‍යන්තර යාන්ත්‍රණයක් නිර්මාණය කරනු ලැබීය. පසුගිය 46/1 යෝජනාව මගින් ජාත්‍යන්තර යාන්ත්‍රණයක් පිහිටු වනු ලබන්නේ ඒ අනුවය. එම යාන්ත්‍රණයේ වාර්තා සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් වූ පසුව ඉහත සඳහන් කළ ආකාරයට එක් නිලධාරියෙකුට එරෙහිව රටවල් කිහිපයක එකවර නඩු පැවරීමේ තත්ත්වයක් පවා මතුවිය හැක. ඒ අනුව එම උපාංගය රජය සහ හමුදා නිලධාරීන් බිය වැද්දීම සඳහා ඉතා ප්‍රබල අවියක් වන බවට සැකයක් නැත. ඒ මගින් යම් නිලධාරියකුට අවසන් වශයෙන් දඬුවම් කිරීමට කාලයක් ගත වුවද ලෝකය පුරා රටවල් නඩු කටයුතු ආරම්භ වූ විට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කරන විට සහ පිටුවහල් කිරීමේ ඉල්ලීම් ඉදිරිපත් කරන විට ඇතිවන තත්ත්වය ඉතා බරපතළ බව තේරුම් ගැනීම අමාරු නැත. ඒ නිසා මේ වන විට දෙමළ ඩයස්පෝරාව ප්‍රමුඛ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ජාලය ඉහත සඳහන් කළ ආකාරයට යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ ක්‍රියාවලිය උච්චතම අවස්ථාවට රැගෙන එමින් තිබෙන බවද ඉතා පැහැදිලිය. ඒ තුළ දැන් ඔවුන්ට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සමඟ කේවල් කිරීමට අවස්ථාව උදා වී ඇත. කරුණු දෙකක් මත එම ක්‍රියාවලිය දැනටමත් ආරම්භ වී ඇති බව තත්ත්වය ගැඹුරින් විශ්ලේෂණය කරන්නෙකුට තේරුම් ගැනීම අමාරු නැත.

ඊට අදාළ පළමුවැන්න ඩයස් ඩයස්පෝරාවේ යම් පාර්ශව සහ ඔවුන්ගේ දේශීය ඒජන්තයින් ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවට ඉඟි පළ කිරීම සහ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීමට තමා සූදානම් බවට ජනාධිපතිතුමා විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් සිදු කිරීමය. දෙවැන්න 2015 මහ කොමසාරිස් වාර්තාව හෙවත් OISL වාර්තාව මගින් ඉදිරිපත් කළ අණදීමේ වගකීමට අදාල යුද අපරාධ චෝදනාවලට පිළිතුරු බැඳීම අවශ්‍ය නොවන බවට මතයක් විදේශ අමාත්‍යවරයා විසින් දැරීම ය. එනම් ස්වභාවික යුක්තිය ඉල්ලා සිටීම මගින් යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ ක්‍රියාවලියට අභියෝග කිරීම හරහා එම චෝදනා නිශ්ප්‍රභා කිරීම මගින් ආරක්ෂක හමුදාවල නිරේදෝෂීභාවය ඔප්පු කිරීමට උනන්දු නොවීමය. ඒ අනුව එසේ ප්‍රහාරාත්මක ප්‍රවේශයකට යාම වෙනුවට ඩයස්පෝරාව සමග එකඟතාවයන්ට පැමිණ යස්මින් සුකාලගෙ ප්‍රහාරය සමනය කරගැනීමේ ප්‍රවේශයක් අනුගමනය කිරීම එනම් ආරක්ෂාකාරී ප්‍රවේශය මගින් යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ ක්‍රියාවලියෙන් ගැලවිය හැකි බවට ආණ්ඩුවට සහ උසස් හමුදා නිලධාරින්ට උපදෙස් ලැබී ඇතැයි උපකල්පනය කළ හැක. ඒ සඳහා ඩයස්පෝරාව සහ ආණ්ඩුව අතර පාලමක් ඉදිකළ හැකි උපදේශකයින් ආණ්ඩුව තුළ සිටින බවට සැකයක් නැත. ඒ සඳහා මධ්‍යස්ත ඩයස්පෝරාවක් පිළිබඳ නව සංකල්පයක් ද නිර්මාණය කෙරෙනු ඇත. ඒ අනුව සැප්තැම්බර් මස ජිනීවා මානව හිමිකම් සැසියට පෙර ආණ්ඩුව පැත්තෙන් ස්වභාවික යුක්තිය ඉල්ලා සිටීම හෙවත් යුද අපරාධ චෝදනා වලට ප්‍රතිඋත්තර බැඳීමේ ප්‍රහාරාත්මක ප්‍රවේශයට යොමු නොවන්නේනම් ඩයස්පොරාවේ උපායමාර්ගයට ආණ්ඩුව ගොදුරුවන බව සැකයකින් තොරව පිළිගත හැක. එවැනි ප්‍රවේශයකට ආණ්ඩුව යොමු වන්නේ නම් අනිවාර්යෙන්ම ව්‍යවස්ථා සංශෝධන කතිකාව නැවත කරලියට පැමිනෙනු ඇත. ඒ අනුව නව ව්‍යවස්ථාව පෙර පවතින දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමේ ඉඩ කඩ ඇත. ඉතිහාසයේ සරදමක් හෝ ඛේදවාචකයක් ලෙස එවැනි තත්ත්වයක් උදා වුවහොත් එතැන් සිට ආරම්භ වන්නේ යුද ජයග්‍රහණය ආපසු හැරවීමේ ක්‍රියාවලිය බවට කිසිදු සැකයක් නැත.

සම්පූර්ණ ලිපිය පහතින්…

යුද අපරාධ ප්‍රාණ ඇපය සහ ව්‍යවස්ථා සංශෝධන කප්පම



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More