රාජ්‍යය අමාත්‍යය සිසිර ජයකොඩි මහතා විසින් කංසා නීතිගත කිරීමට මැදිහත් වී කටයුතු කිරීමට ඇති සූදානම සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය බස්නාහිර පළාත් හිටපු ආයුර්වේද කොමසාරිස්වරයෙකු වූ නිමල් කරුණාසිරි මහතාගෙන් අදහස් විමසා සිටියේය. ඒ සම්බන්ධයෙන් නිමල් කරුණාසිරි මහතා අදහස් දක්වමින්,
” සුදු අධිරාජ්‍යයවාදීන් මේ රට යටත් කර ගැනීමට අපේ ජනතාවට දැවැන්ත පීඩනයක් එල්ල කළ බව සත්‍යයක්. හැබැයි ඔවුන් අපේ රට පාලනය කරන්න පටන් ගත්තට පස්සේ සමහර අවස්ථාවල අපේ ජනතාව ආරක්ෂා කිරීමට යම් යම් සාධනීය පියවර ගෙන තිබෙනවා.කංසා තහනම එවැන්නක්.ඔවුන් 1929 දී සම්මත කළ විෂ මත්ද්‍රව්‍යය සහ අන්තරාදායක ඖෂධ සම්බන්ධ ආඥා පනත එවැන්නක්. ඔවුන් එමගින් අපේ ජනතාව ආරක්ෂා කර ගැනීමට උත්සහා කළා. ඒ සමඟම යම්කිසි ඖෂධයකට කංසා අවශ්‍යයනම් ඒවා සම්පාදනය කර ගැනීමටත් ඉඩ ප්‍රස්ථාව පනත තුළ හදා තිබෙනවා. කංසා වලින් අතිශය භයානක හෂීෂ්, මරිජුවානා වැනි භයානක මත් ද්‍රව්‍යය නිෂ්පාදනය කිරීමට පුළුවන්. කංසා තහනම ඉවත් කර ගැනීමත් සමඟම මෙවැනි භයානක විෂ මත්ද්‍රව්‍යය වලත් තහනම ඉවත් වෙනවා. එයින් සිදුවන හානිය කංසා රට පටවල ලැබෙන ඩොලර් වලින් පියවා ගන්නට බැහැ. විෂ මත්ද්‍රව්‍යය සම්බන්ධවන්නේ අපේ සංස්කෘතිය විනාශ කරවීමට. ඒ අනුව කංසා තහනම් කිරීම වැනි සුදු අධිරාජ්‍යයවාදීන් කළ සාධනීය දේ ඉවත් කිරීමට නිදහසින් පසුව බිහිවූ ඇමතිවරු හරහා කරවා ගතහොත් අපේ රට විනාශ කිරීමට සැදී පැහැදී සිටින බලවේග වල විශාල ජයග්‍රහණයක්. ඒක හරියට ඌරාගේ මාළු ඌරාගේ පිටේ තියලා කපනවා වගේ වැඩක්.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...