කූඨ ජාවාරම්කාරයින් කැබිනෙට්ටු තීරණයත් මායිම් නොකරමින් මහා වංචාවකට පිඹුරුපත් සියල්ල සකසා අවසන්. රටේ ජනතාව සතු මහා අනර්ඝ සම්පතක් වූද, විශාල වශයෙන් ලාභ ලබමින් තිබූ සහ 80%ක් තරම්වූ වෙළඳපොළ හිමිකාරිත්වයක් හිමි ලිට්‍රෝ ගෑස් සමාගම ගිලගැනීමට ලාෆ් ගෑස් සමාගම ගත් උත්සාහයන් සහ ඊට අනුබල දෙමින් අතිවිශාල කොමිස් කුට්ටියක් ගිලගැනීමට කැසකවන රජයට සම්බන්ධ කූඨ ජාවාරම්කාරයින් කණ්ඩායම ගත් උත්සාහය පරාජය කිරීමට දේශහිතයිෂී ජනතාවට තාවකාලිකව හැකි වුවද මේ මොහොත වනවිට නැවතත් එම කුමන්ත්‍රණ කරුවන්, ජාවරමුන් කැබිනට් මණ්ඩල තීරණයන්ටද පිටින් යමින් ක්‍රියාත්මක වෙමින් සිටින බව සාක්ෂි සහිතව ඔප්පු වෙමින් තිබේ.
මුදල් අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහය සහිතව “සියොලිට්” නමින් වූ ආයතනයක් ලියාපදිංචි කර ඒ සඳහා තමන්ට අවනත අධ්‍යක්ෂක මණ්ඩලයක් පත්කරවා ගෙන එහි සභාපති සහ විධායක අධ්‍යක්ෂක වරයා ලෙස රජයේ ඉහළම නිලධාරියකුගේ ලේකම් වරයාට අයත් සමාගමක ප්‍රධාන මූල්‍ය අධ්‍යක්ෂක වරයා පත්කරගෙන තිබේ.
රුපියල් බිලියන 28ක් තරම්වූ බැංකු ණයක් සහිත ලාෆ් ගෑස් සමාගමට සහ පූර්ණ රාජ්‍ය සමාගක් වූ ලිට්‍රෝ ගෑස් සමාගම යන දෙකටම ලිට්‍රෝ ගෑස් සමාගමේ මුදල් යොදවමින් ගෑස් මිලදී ගැනීම මෙම “සියොලිට්” සමාගම හරහා සිදු කිරීමටත් ගෑස් ගබඩා කිරීම ලාෆ් ගෑස් හිමිකාරිත්වය දරන හම්බන්තොට ටර්මිනල් පර්‍යන්තයේ සිදුකිරීමටත් ගෑස් ප්‍රවාහනය ලාෆ් ගෑස් හිමිකාරිත්වය ඇති නෞකා හරහා සිදුකිරීමටත් ඒ සියලු සේවාවන් සඳහා ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ලාෆ් ගෑස් සමාගම වෙත අසාමාන්‍ය ලෙස ගෙවීම් සිදු කිරීමටත් එමගින් ලිට්‍රෝ ගෑස් සමාගම දියකර හැර ලාෆ් ගෑස් සමාගම වෙත නතුකර දීමත්, ඒ වෙනුවෙන් ලාෆ් ගෑස් සමාගමෙන් අති විශාල කොමිස් කුට්ටියක් ගිලගැනීමත් මෙම කූඨ ජාවාරම්කාරයින්ගේ යටි අරමුණයි.
පහත ඇමුණුම් මීට සාක්ෂි දරයි.
1. ලිට්‍රෝ ගෑස් සමාගමේ සේවක මණ්ඩලය විසින් ඉදිරිපත් කරනලද මෙම ව්‍යාපෘතිය සිදුකලහොත් ආයතනයට සිවුවන අගතිය පිළිබඳව වූ සවිස්තරාත්මක ලියවිල්ල.
2. ලිට්‍රෝ ගෑස් සමාගමේ බෙදාහැරීමේ ජාල නියෝජිත වරුන් විසින් මෙම ව්‍යාපෘතියට සහ එමගින් ලිට්‍රෝ ගෑස් සමාගමට සිදුවන අගතිය දක්වමින් ඊට අප්‍රසාදය පලකරමින් බලධාරීන් දැනුවත් කල සවිස්තරාත්මක ලිපිය.
3. “සියොලිට්” අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් වාර්තාව.
4. “සියොලිට්” සමාගමේ
” Memorandum of Articles ”
litro siyolit sinhala
SIYOLIT_BM No.01_18.08.2021
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...