විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට හෝ විදේශ අමාත්‍යාංශයට නොදන්වා 2021/08/17 දින එරාවුර් අලිගාර් විද්‍යාලයේදී සම්මුඛ පරීක්ෂණයක් පවත්වා මුස්ලිම් සිසුන් 180 දෙනෙකුට පකිස්ථානයේ ශිෂ්‍යයත්ව පිරිනමා ඇති බව වාර්තාවේ. පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීමෙන් පවත්වා ඇති එම සම්මුඛ පරීක්ෂණයට මුස්ලිම් සිසුන් 200ක් පමණ සහභාගි වී ඇති බවද අප වෙත වාර්තා වේ.
විශ්ව විද්‍යාල සිසුන් සඳහා ශිෂ්‍යයත්ව ලබාදීම ප්‍රතිපාදන කොමිසමේ අවසරය ඇතිව කළ යුතු වුවත් එම පටිපාටියට පිටින් මුස්ලිම් සිසුන් පමණක් බඳවා ගැනීම බරපතල සැක උපදවන තත්වයක් බව මහජන යුතුකම් කේන්ද්‍රය පවසයි.
එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත අල්විස් මහතාගේ අත්සනින් යුතුව ජනාධිපති තුමාට පවා පැමිණිලි කර ඇතත් යම් දේශපාලන බලපෑම් මත ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදු නොවන බවද ඒ මහතා පවසයි.
අනාගතයේදී පකිස්ථානය තලේබාන් ඉස්ලාම් අන්තවාදීන්ගේ බළල් අතක් බවට පත්වීමේ අනතුරක් තිබෙන බැවින් මේ පිළිබඳව වහා සොයා බැලිය යුතු බව ඔහු අවධාරණය කරයි.
දැනටමත් ශ්‍රී ලංකාව ඉස්ලාම් අන්තවාදීන් අපනයනය කරණ රටක් ලෙස ජාත්‍යයන්තර ප්‍රසිද්ධියට පත්වී ඇති තත්වයක් තුළ මේවා පිළිබඳව පටු දේශපාලන හේතු මත නිහඬව සිටීම ඉතා සැක සහිත බවද වසන්ත අල්විස් මහතා අවධාරණය කරයි.
වසන්ත අල්විස් මහතා ජනාධිපති තුමා වෙත යවන ලද ලිපිය…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...