පුරවැසි කොලම

මහජන යුතුකම් කේන්ද්‍රයේ කැඳවුම්කරු වසන්ත අල්විස් මහතා විසින් පකිස්ථානු මහකොමසාරිස් කාර්යාලය විසින් වාර්ගික සහ ප්‍රාදේශිය පදනමින් තෝරාගත් සිසුන්ට ශිෂ්‍යයත්ව ලබාදීම සම්බන්ධයෙන් ගරු ජනාධිපති තුමා දැනුවත් කරමින් යවන ලද ලිපිය…

ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 01

ගරු ජනාධිපතිතුමනි,

පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලය විසින් වාර්ගික පදනම මත ශිෂ්‍යත්ව සඳහා සිසුන් තෝරා ගැනීම

අප සංවිධානය විසින් මීට පෙර කරුණු සොයා බැලීමකදී බංග්ලාදේශය පකිස්ථානය වැනි රටවල විදේශ ශිෂ්‍යත්ව සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ විදේශ අමාත්‍යාංශය දැනුවත් නොවෙමින් සිසුන් තෝරා ගනු ලබන බව නිරීක්ෂණය වී ඇත

එසේම පුවත්පත් වාර්තා කරන ලද්දේ ඔබතුමා සහ ගරු අගමැති තුමා මුණගැසුනු පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් මෙරටට විදේශ ශිෂ්‍යත්ව දහසක් පමණ ලබා දෙන බවද ඔබතුමන්ලා වෙත පැවසූ බව වාර්තා කර තිබුණි

තවද මීට පෙර සිසුන් තෝරා ගැනීම සම්බන්ධයෙන් පැවති අපහැදිලි තාවය හේතුවෙන් මේ පිළිබදව කරුණු විමසීමට අප සංවිධානයේ නියෝජිතයන් පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයට ගිය අතර ඔවුන් එහිදී පැවසුවේ මෙරටේ සිසුන් තෝරා ගැනීම නිවැරදි ආකාරයට කටයුතු කරන බවත් අප පෙන්වා දුන් වැරදි නිවැරදි කර නැවතත් පුවත් පත් දැන්වීම් මඟින් සිසුන් තෝරා ගන්නා බව සහ මෙරට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ නියෝජිතයන් එම සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ගනු ලබන බවත් ය

එසේ අප සංවිධානයට පොරොන්දු ලබාදුන් පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් එසේ නොකර 2021.08.17 දින එරාවූර් අලිගාර් විද්‍යාලයේ දී පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලය මැදිහත්වීමෙන් පාකිස්තාන අල්ලාමා ඉක්බාල් පදනම විසින් ශිෂ්‍යත්වලාභීන් තෝරාගැනීමේ විභාගයක් පවත්වා ඇත

එයට නැගෙනහිර පළාතේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි මුස්ලිම් සිසුන් දෙසීයක් පමණ සහභාගී වී ඇති බවද වාර්තා වේ

එම සම්මුඛ පරීක්ෂණය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකළපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙයිනුල් ආබ්දීන් නසීර් අහමඩ් මහතා විසින් සංවිධානය කර තිබුණු අතර මෙම තරග විභාගයට ත්‍රිකුණාමලය මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල මුස්ලිම් සිසුන් පමණක් සහභාගි වී ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ

අප සංගමයේ නියෝජිතයන්ට වැරදි නිවැරදි කරන බවට පොරොන්දු දුන් පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය විසින් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම ඉතා මවිතය දනවන කරුණක් වන බැවින් මේ සම්බන්ධව විදේශ කටයුතු අමාත්‍යංශය හරහා කරුණු විමසීමක් කරන ලෙසද කාරුණිකව ඉල්ලමි

මීට පෙර මෙරට පිහිටි තුර්කි තානාපති කාර්යාලයේ තානාපති තුමිය විසින් එරට petto ත්‍රස්තවාදීන් මෙරට අධ්‍යාපනයට හා මාධ්‍යයට මුදල් වියදම් කරන බවට දුන් වාර්තා කෙරෙහි ඔබතුමාගේ අවධානය යොමු කරවන අතර

වාර්ගික පදනමෙන් සිසුන් තෝරා ගැනීම මෙරට අනිකුත් සිසුන්ට කරන බලවත් අසාධාරණයක් සහ එය රාජ්‍ය ආරක්ෂාවට ජාතික ආරක්ෂාවට අනාගතයේදී සෘජුව බලපෑ හැකි කරුණක් වන බැවින් මේ සම්බන්ධයෙන් නිසි අධ්‍යනයක් කරන ලෙස ඉල්ලා සිටින අතර.

මෙම වරද නිවැරදි කිරීම සඳහා නැවතත් ප්‍රසිද්ධ පුවත්පත් මගින් මුළු රටම දැනුවත් කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නියෝජිතයින් ඉදිරිපිට වාර්ගික පදනමෙන් තොරව මෙරට කුමන ජාතියකට අයත් වුවත් සුදුසුකම් සහිත සිසුන් තෝරා ගැනීමට කටයුතු කරන ලෙස පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලය දැනුවත් කරන ලෙස ඔබතුමාගෙන් වැඩිදුරටත් කාරුණිකව ඉල්ලා සිටිමි

ස්තුතියි

වසන්ත අල්විස් කැඳවුම්කරු
මහජන යුතුකම් කේන්ද්‍රය
0716898874

පිටපත්

උසස් අධ්‍යාපන අමාත්‍යංශය

විදේශ කටයුතු අමාත්‍යංශය

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More