පුවත්
දේශීය පුවත්

වෙරළුගහමුල්ල කොට්ඨාසය SLPP 402 UNP 174 UPFA 21 JVP 12

දේශීය පුවත්

ගල්හිර කොට්ඨාසය SLPP 680 UNP 320 JVP 60 UPFA 37

දේශීය පුවත්

ගම්පහ දිස්ත්‍රික්කය මහර ප්‍රාදේශිය සභාව කිරිල්ලවල කොට්ඨාසය SLPP - 2400 UNP -670 SLFP - 548 JVP - 348

දේශීය පුවත්

ගම්පහ දිස්ත්‍රික්කයේ කැළණීය ප්‍රාදේශිය සභාවේ ගල්බොරැල්ල කොට්ඨාසයේ ඡන්ද ප්‍රතිඵල SLPP- 2248 UNP-729 UPFA - 178 JVP - 169

දේශීය පුවත්

අද(10) දා රාත්‍රි 9.00 වනවිට පළාත් පාලන කොට්ඨාස වලින් 75%ක පමණ ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව ස්වාධින මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.

ප‍්‍රධාන පුවත්

2018 පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම අද (10) දින සවස 4.00ට අවසන් විය. සුළු සිද්ධි කිහිපයක් හැරුණු විට සමස්ථයක් ලෙස සාමකාමීව මැතිවරණය පැවැත්විණි. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජනතාව තුළ විශාල උනන්දුවක් තිබූ බැවින් ඇතැම් දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීම 80% ආසන්නවී ඇති බවද වාර්තා වේ. සාමාන්‍යයෙන් ප...

දේශීය පුවත්

රටපුරා පිහිටා තිබෙන සියලුම ආර්ථික මර්මස්ථානවලට යුධ හමුදාව යොදවා තිබෙන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කරයි. විදුලි බලාගාර විදුලි උපපොළවල් තෙල් ගබඩා ආදී ස්ථානවලට ආරක්ෂාව සඳහා හමුදාව යොදා ඇත. මැතිවරණයේ ආරක්ෂක වැඩපිළිවෙල සඳහා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව පැවසේ. මීට අමතර...

දේශීය පුවත්

වව්නියාව ප්‍රදේශයේ උපවාසයේ නිරත අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක් ඡන්දය භාවිතා කිරීම ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ. අතුරුදන් වූවන් ගැන තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම උපවාසයේ නිරතවී සිටී

ක්‍රීඩා පුවත්

කඩුළු 415ක් ලබාගෙන වමත් පන්දු යවන්නෙකු ලබාගත් වැඩිම ටෙස්ට් කඩුළු සංඛ්‍යාවක් ලබාගෙන ලෝකවාර්තාවක් තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ රංගන හේරත් අද (10) බංග්ලාදේශයේදී සමත්විය. රංගන හේරත් බිඳ හෙළුවේ පාකිස්ථානයේ වමතින් වේගපන්දු යවන වසීම් අක්‍රම් ටෙස්ට් කඩුළු 414ක් ලබාගෙන තිබුණු ලෝක වාර්තාවයි.

ක්‍රීඩා පුවත්

තරඟාවලි ජයද හිමිකරගනිමින් දෙවන ටෙස්ට් තරඟයෙන් බංග්ලාදේශය පරාජයට පත්කරමින් ලකුණු 215 ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (10 ) දින සමත්විය. ශ්‍රී ලංකාව පළමු ඉනිම 222/10 දෙවෙනි ඉනිම 190/10 බංග්ලාදේශය පළමු ඉනිම 110/10 දෙවෙනි ඉනිම 113/10

දේශීය පුවත්

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙද්දී ස්ථාන කිහිපයකින්ම ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තාවී තිබෙන බව පැෆරල් සංවිධානය ප්‍රකාශ කරයි. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරන්නේ අද (10) දින තුළ දහවල් 12.00 වන විට මැතිවරණ දිනයේ පැමිණිලි 25 ක් ලැබී තිබෙන බවයි. මඩකලපුව ප්‍රදේශයේදී ඡන්ද අපේක...

දේශීය පුවත්

විපක්ෂ නායක දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ත්‍රිකුණාමලයේදී ඡන්දය ප්‍රකාශකර ඇත. අද (10 )දින දහවල් ත්‍රිකුණාමලය ශාන්ත ජෝසප් විද්‍යාලයේ පිහිටා ඇති ඡන්ද මධ්‍යස්ථානයේදී ආර්. සම්බන්ධන් මහතා සිය ඡන්දය ප්‍රකාශ කර ඇත.

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී සිය ඡන්දය ප්‍රකාශ කර ඇත අද (10) දින දහවල් කොළඹ විශ්වවිද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ඡන්දය ප්‍රකාශ කර ඇත.

දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොලොන්නරුවේදී ඡන්දය ප්‍රකාශ කර ඇත. අද (10) දින දහවල් පොලොන්නරුව නව නගරයේ පිහිටි විහාරස්ථානයක පිහිටි ඡන්ද මධ්‍යස්ථානයකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ඡන්දය ප්‍රකාශ කර ඇත.

දේශීය පුවත්

ජාතික නිදහස් පෙරමුණේ නායක ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා අද (10 ) දින පෙරවරු 11.30ට පමණ සිය ඡන්දය ප්‍රකාශකර ඇත. හෝකන්දර දකුණ සිරිසුසිල ධර්ම නිකේතනයේදී විමල් වීරවංශ මහතා සිය ඡන්දය ප්‍රකාශ කර ඇත.