ප‍්‍රධාන පුවත්

2018 පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම අද (10) දින සවස 4.00ට අවසන් විය.
සුළු සිද්ධි කිහිපයක් හැරුණු විට සමස්ථයක් ලෙස සාමකාමීව මැතිවරණය පැවැත්විණි. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජනතාව තුළ විශාල උනන්දුවක් තිබූ බැවින් ඇතැම් දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීම 80% ආසන්නවී ඇති බවද වාර්තා වේ.
සාමාන්‍යයෙන් පළාත් පාලන මැතිවරණයක ඡන්ද ප්‍රතිශතය ප්‍රකාශ වන්නේ 50% – 55% අතර පරාසයක වුවත් මෙවර පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිශතය බොහෝ ඉහළ යාම විශේෂ කරුණක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. මෙවර පළාත් පාලන මැතිවරණයේදී පස්වරු 4.00 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද අදාළ තේරීම්භාර නිලධාරීවරුන් විසින් මේ වන විට ප්‍රකාශයට පත්කර ඇත.
ගම්පහ 75%
කළුතර 80%
මාතලේ 80%
ගාල්ල 75%
පොලොන්නරුව 75%
කෑගල්ල 70%
මාතර 70%
මොණරාගල 80%
අනුරාධපුර 85%
කුරුණෑගල 78%
ත්‍රිකුණාමලය 85%
පුත්තලම 73%
බදුල්ල 65%
අම්පාර 70%
මුලතිව් 78%
හම්බන්තොට 80%
රත්නපුර 75% -80% අතර
මහනුවර 70%
නුවරඑළිය 77%
මන්නාරම 77%
වව්නියාව 72%
මඩකලපුව 75%



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More