දැන් ආපහු දෙමළ ජනයාගේ අභිලාෂයන් ගැන කතා වෙනවා. මේ කතා කරන්නේ මහින්ද වෙනුවෙන් පෙනී සිටින හෝ එලෙස පෙනී සිටින බව පෙන්වන පිරිසක් වීම තමයි මේකෙ වැදගත් කාරණය. අවසානයේ මේක මහින්ද කඳවුරේ පොදු මතය වුවහොත් ඒක බරපතළ ප්‍රශ්නයක් වෙනවා. දෙමළ ජනයාට වෙනම රටක් වෙනුවෙන් අභිලාෂයක් කවදාවත් තිබුනේ නැහැ. වෙනම රටක් ...
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා කළ ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව කැළණිය විශ්වවිද්‍යාලයේ පාලි හා සංස්කෘත අංශයේ අංශාධිපති මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති. අද (26) ලංකා ලීඩ් නිවුස් අප මෙම ප්...
රටේ ආරක්ෂාව හෝ යුද අපරාධ චෝදනා පිළිබඳව අදහස් දක්වනවා නම් ජනාධිපති එය සිදු කළ යුත්තේ මහා මණ්ඩලයේ ඉදිරියේ දි නොව ජීනිවා නුවර මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ බව ගුණදාස අමරසේකර පවසයි. ජාතික සංවිධාන එකමුතුව විසින් නාවල රාජගිරියේ පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්‌ථානයේදී කැඳවා තිබු මාධ්‍ය හමුවේදි ඒ ...
රහතුන් වහන්සේලා වැඩ සිටි පූජා භූමියක ගෞරවය කෙළෙසමින් පිදුරංගලදී විනෝදයට නිරුවත් ඡායාරූපවලට පෙනී සිට පසුව ඒවා අන්තර්ජාලයේ හුවමාරු කරගත් තරුණ කණ්ඩායම මේ වනවිට හඳුනාගෙන තිබේ. ඔවුන් කුරුණෑගල පදිංචි කරුවන් පිරිසක් වන අතර මලියදේව විද්‍යාලයෙන් මෑතකදී අධ්‍යාපනය අවසන් කළ පිරිසක් බවට තොරතුරු හෙළිව තිබේ...
කැබිනට් තීරණයක් අනුව ඉහළ දැමූ නව ලිට්‍රෝ හා ලාෆ් ගෑස් මිළ ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙයි. ඒ අනුව 12Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195කින්, 5 Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 78කින්හා 2.5 Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 36කින් ඉහළ යෑමට නියමිතය. ඒ අනුව නව මිළ ගණන් මෙසේය 12 Kg...
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීම සම්බන්ධයෙන්වන පරීක්ෂණ සාධාරණ අයුරින් සිදුවනු ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (25) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදින් යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළේය. වත්මන් ජනාධිපති සහ හිටපු ජනාධිපති ඇතුළු ප...
පිදුරංගල මතදී අඬ නිරුවතින් ඡායාරූප ගත් තරුණයින් පිරිස අතරින් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ. සිදුවීම සම්බන්ධයෙන් සීගිරිය පොලීසිය පරික්ෂණ පවත්වයි. ඡායාරූප ගත් පුද්ගලයා හා ඡායාරූපයට පෙනී සිටි පුද්ගලයන් දෙදෙනෙක් ගලේවෙලදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (25දා) දිනයේදීයළි දිවයිනට පැමිණ තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හදිසි කැඳවීමක් මත ඒ මහතා මෙලෙස පැමිණ ඇතැයි වාර්තා වෙයි. මාස දෙකකට ආසන්න කාලයක් ඇමෙරිකාවේ නිවාඩුවක් ගතකළ බැසිල් රාජපක්‍ෂ මහතා ලබන 10 වැනිදා දිවයිනට පැමිණීමට ගුවන් ටිකට්පත් සූදානම් ...
ඊයේ දින(ශ්‍රි ලංකා වේලාවෙන් අද (26) අළුයම) 37 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතූ ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපේ ප්‍රශ්න අපට විසඳා ගැනීමට ඉඩ දෙන්න යනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවෙන් විශේෂ ඉල්ලීමක් කළේය. ප්‍රකාශයේ හරය මෙසේ ය, '' ත්‍රස්තවාදී යුද්ධය අවසන් කළා. හමුදාව සඳහා බො...
පිදුරංගල විහාරය ශ්රී ලංකාවේ මාතලේ දිස්ත්රික්කයේ දඹුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සීගිරිය ග්රාමය ආශ්රිතව පිහිටි සම භූමියෙහි මුහුදු මට්ටමේ සිට මීටර 340ක් පමණ උස්වූ කන්දක ඉදිකරනු ලැබූ ඓතිහාසික බෞද්ධ පුදබිමක් වේ. විහාරය ප්රකට සීගිරිය පර්වතයට උතුරු දෙසින් පිහිටා තිබේ. ජනප්රවාදගත තොරතුරු අනූව ප...
28%ක ජන බලයක් පමණක් ඇති ආණ්ඩුවේ එජාප පාර්ශ්වය, බරපතළ චෝදනා එල්ල වී ඇති පොලිස්පති පූජිත ජයසුන්දර තවදුරටත් පුටුවේ තබා ගැනීමට සියලු උත්සාහයන් දරන්නේ ‘2019 පවත්වනු ලබන ජාතික මැතිවරණයක දී ඔහුගේ සහායෙන් කුමන්ත්‍රණකාරී ලෙස ජය ගැනීමට ද?’ යන බලවත් සැකය මතුවන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. අද(25) ජාතික න...
රුපියලේ අගය අවප්‍රමාණය වීම වළක්වා ගැනීම සඳහා ඊයේ (25) දිනයේදී ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් මිලියන 60 ක් වෙළෙඳ පොළට නිකුත් කළ බව වාර්තා විය. මේ අනුව ඉකුත් සිකුරාදා ඩොලරයක විකුණුම් මිල රුපියල් 170.65 ක් වුවද ඊයේ (25) දිනයේදී ඩොලරයක විකුණුම් මිල රුපියල් 170.39 ක් ලෙස රඳවා ගැනීමට සමත්ව තිබුණි. ...
ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කරයි. දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා පවසන්නේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස...
ජනාධිපතිතුමා නිව්යෝක් හි කිරීමට නියමිත කතාවේ අඩංගුව පැහැදිලි නැතත් ඔහුගේ අරමුණ කුමක්දැයි ඔහු ඊට පෙර කළ කතාවලින් සහ චම්පික, සුමන්තිරන් යන මන්ත්‍රීවරුන් කළ කතාවලින් පැහැදිලි වන බව ජාතික සංවිධාන පවසයි. මේ බව ප්‍රකාශ කළේ අද (25) ආචාර්ය ගුණදාස අමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය ජාතික සංවිධාන පො...
වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපතිමහින්ද රාජපක්‍ෂමහතා මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන්ද ඝාතනය කිරීමට සැලසුමක් තිබූ බවට දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතාගේ මාවනැල්ල නිවසේදී අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දියන් ජාතිකයා හෙළිකළ බව රහස් පොලීසිය ඊයේ (24දා) කොටුව මහේස්ත්...
දෙමල ජනතාවට වෙනස් කම්, අසාධාරණ කම් කරන්නේ සිංහල ජනතාව නොව උසස් කුලේ යයි කියන වෙල්ලාලයින් බව රියර් අද්රමිරාල් සරත් වීරසේකර මහතා පවසයි. පසුගියදා(24) ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පැවති දේශනයකට එක්වෙමින් වීරසේකර මහතා මේ බව කියා සිටියේය. ගරු සභාපති තුමනි , බෙදුම්වාදීන් චෝදනා කරන්නේ ලංකාවේ ...
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරු 15 දෙනාට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ සංවිධායක ධූර එපරිද්දෙන්ම ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ජේ. සෙනෙවිතරන මහතා පැවසීය. වසර දෙකක් ජාතික ආණ්ඩුවට තමන් ඇතුළු ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයින් එක් වූයේ පක්ෂය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් නිසා යැයි ද...
සීගිරිය පිදුරංගල රජ මහා විහාරස්ථ පර්වතය මත සිට අඩ නිරුවත්ව සිටිමින් ඡායාරූප ගෙන ඒවා සමාජ ජාලාවලට මුදා හැරීම සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන වැලැක්වීමේ සංශෝධන පනත හා පොලිස් ආඥා පනත ප්‍රකාරව මෙම...
වර්තමානයේ උද්ගතව ඇති ආර්ථික අර්බුදයට හේතු වී ඇත්තේ සිය පාලන සමයේ පැවැති නිෂ්පාදන ආර්ථිකය පසෙකලා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අනුව වෙළද ආර්ථිකයට පරිවර්තනය වීමේ ආනිසංස බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. එම ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...