රහතුන් වහන්සේලා වැඩ සිටි පූජා භූමියක ගෞරවය කෙළෙසමින් පිදුරංගලදී විනෝදයට නිරුවත් ඡායාරූපවලට පෙනී සිට පසුව ඒවා අන්තර්ජාලයේ හුවමාරු කරගත් තරුණ කණ්ඩායම මේ වනවිට හඳුනාගෙන තිබේ. ඔවුන් කුරුණෑගල පදිංචි
කරුවන් පිරිසක් වන අතර
මලියදේව විද්‍යාලයෙන් මෑතකදී අධ්‍යාපනය අවසන් කළ පිරිසක් බවට තොරතුරු හෙළිව තිබේ.
එම ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරිය ෆේස් බුක් ගිණුම් කිහිපයක්ද මේ වනවිට ප්‍රසිද්ධවී තිබේ.
ඒ අය අතුරින් දීමන්ත සපුමල් නමැති තරුණයා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ තමන් කළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇත.
ඒ අතරම ඔහු පවසන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම කණ්ඩායමට අදාළ නැති සංස්කරණය කළ වැරදි ඡායාරූපද මේ වනවිට අන්තර්ජාලයේ සැරිසරණ බවත් ඒ කෙසේ වෙතත් තමන් කළේ වරදක් බව පිළිගන්නා බවත්ය.මෙම සිද්ධිය නිසා පාසල් නාමයට හානි කිරීමෙන් වළකින ලෙසත් ඔහු ඉල්ලා ඇත.
එම සටහන පහතින්,
“මුලින්ම මම ශ්‍රී ලංකික සෑම බෞද්ධයෙක් ගෙන්ම සමාව අයැද සිටිනවා. මගේ අතින් මේ උනේ නොකළයුක්තක් බව මට දැන් තේරෙනවා. ඒත් දැන් පරක්කු වැඩියි කියල මම දන්නවා.ෆොටෝ එක එඩිට් කරලා උනාට ඒකත් වැරැද්දක් බව මට දැන් තේරෙනවා. මම ඒ වෙනුවෙන් හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.මාත් මගේ යාළුවත් මේ සිද්ධිය නිසා මුළු ජීවිත කාලයම වන්දි ගෙවයි. එක තමා වෙන්න ඕන දේ කියලත් මම දන්නවා.
මම නිසා මගේ පාසල් මෑණියන්ට සිදුවුන දේ ගැනත් මම මගේ මුළු ජීවිත කාලයම වන්දි ගෙවයි. ඒත් මම මගේ පාසලට බැනපු හෑමෝටම කියන්න කැමති මගේ පාසල් මෑණියන් ලංකාවේ හොඳම පාසල් මෑණියන් බව.තව මගේ දෙමව්පියන්ට නොයෙක් ආකාරයේ දේවල් කියලා බැනපු හැම කෙනෙකුටම කියන්නේ ඒක ඔය කට්ටියට ත් විදින්න උන දවසක තේරෙයි ඒක දරාගන්න ගොඩක් අමාරු බව.මොකද අපි හැමෝම මිනිස්සු අපි හැමෝම අතින් වැරදි වෙනවා එහෙම නොවේනවනම් ගොඩක් හොඳයි.
මම කලේ වැරැද්දක් බව මම හොඳටම දන්නවා ඒත් දෙමව්පියන්ට බනින්න තරම් ඔය සදාචාරය සන්ස්කෘතිය ගැන කියපු කට්ටිය සන්ස්කෘතිය ගොඩක් ආරක්ෂා වෙන විදියට කතා කරලා තිබුන බව මට විතරක් නෙවේ මේවා දැකපු හැමෝටම තේරෙනවා ඇති කියලා මම හිතනවා.අවසාන වශයෙන් මම ආයෙත් සමාව ඉල්ලනවා. හැබැයි මේ අපේ ෆොටෝස් අතරේ තව අයගේ ෆොටෝ තියනවා මම මේ පහළින් දාලා තියෙන්නේ ඒ වගේ එකක්.ඒවා ගැනත් මේ විදියටම හොයා බලා කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා.ඕගොල්ලො හැමෝටම තෙරැවන් සරණයි. සමහරවිට මේ මන් සමාව ගත්තු එකත් විහිලුවට අරන් ඒකටත් මට හා මගේ දෙමව්පියන්ට නොයෙක් දේවල් කියයි. ඒත් මම කරපු වැරැද්දට මම සමාව ඉල්ලනවා…”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...