රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මාධ්‍යය අමතා ප්‍රකාශ කර සිටියේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ධාරිතාව ඉක්මවා රෝගීන් වාර්තා වීමේ ගැටලුව සෞඛ්‍ය අමාත්‍යංශය හා රෝහල් පාලනාධිකාරිය ඒකාබද්ධව සාර්ථකව කළමණාකරණය කර ඇති බවයි.
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, රෝහල් තුළ විශේෂ ප්‍රතිකාර ඒකකයන් ද කොවිඩ් -19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කිරීමට මේ වන විට කටයුතු යොදා ඇති බවයි.
මාධ්‍යයවේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමින්”ඉදිරි සති දෙක තුනක කාලේ තමයි තීරණාත්මක. ඩෙල්ටා වෛරසය බෝම්බයක් වගේ. මේක නිව්යෝක්, ලන්ඩන් නුවර පිපිරුවා. ඉන්දුනීසියාවේ පිපිරුවා. ලංකාවෙත් ඩෙල්ටා බෝම්බය පුපුරලා තියෙන්නේ. නමුත් ඒකට මුහුණ දෙන්න ඕනේ. ජනතාවට ඇත්ත කියලා පරිස්සම්වෙලා හිටියොත්. ආරක්ෂා කරගත්තොත් අපිට මේ අභියෝගය ජයගන්න පුළුවන් වෙයි. විශේෂිත ඒකක සඳහා වෙන්කරලා තිබුණ වාට්ටු කොවිඩ් රෝගීන් සඳහා වෙන්කර ගන්න අපි තීරණය කළා. ඒ වාට්ටුවල සේවය කළ විශේෂඥ වෛද්‍යවරු හෙද නිලධාරීන් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යොමුකළා. ඒකෙන් තමා අපිට හැකියාව ලැබුණේ මේ තත්ත්වයට මුහුණ දී ගන්න.” යනුවෙන් පවසා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ චන්න ජයසුමන මහතා කාර්ය සාධන බළකාය මගින් ගන්න තීන්දු තීරණ ජනතාධිපතිවරයා විසින් ගන්නා බවත් සියලු තීරණ සාකච්ඡා කර ගන්නා බවත්, කාර්ය සාධක බළකාය නොතිබුණා නම් රට අවුල් ජාලාවක් බවට මේ වන වීමට ඉඩ තිබු බවත් පවසා සිටියේය.
“එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යුද හමුදාව විවේචනය කරනු ලබන්නේ හමුදාවට ඇති බිය නිසයි. ත්‍රිවිධ හමුදාව කොවිඩ් පාලනයට ලබාදෙන සහයෝගය සියලුදෙනාගේ ගෞරවයට පාත්‍ර වනවා.” යනුවෙන් චන්න ජයසුමන මහතා පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...