දේශීය පුවත්

නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි ඉෂාලිනි දැරිය පිලිස්සී මිය යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටි රිෂාඩ් බදුර්දීන්ගේ බිරිඳ ඇතුළු හතර දෙනා අගෝස්තු 23 දක්වා යළිත් රිමාන්ඩ් ගත කෙරේ.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සිව්දෙනෙකු ඉදිරිපත් කළ ඇප ඉල්ලුම් පත කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මීට පෙර හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ ඇති වූ ගින්නකින් අභිරහස් ලෙස මියගිය ජුට්කුමාර් හිශාලිනීගේ දේහය 30 වනදා ගොඩ ගැනුනී.

හිෂාලිනීගේ මරණය පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය 26 දා නියෝග කළේය.
ඉෂාලිනි දැරියගේ මෘත දේහය නිරෝධායන උපදෙස්වලට අනුකුලව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක අධීක්ෂණය යටතේ ගොඩගෙන දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සඳහා එය පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත රැගෙනයන ලෙස නුවරඑළිය මහෙස්‌ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

එම දැරිය හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී ඇතිවූ පිළිස්සුම් තුවාල හේතුවෙන් කොළඹ ජාතික රෝහලේදී පසුගියදා මිය ගොස් තිබුණි.

නුවරඑළිය මහෙස්ත්‍රාත් ලුෂාකා කුමාරි ධර්මකිර්ති මහත්මිය 29 දින පොලිසියට නියෝග කළේ එම සිරුර ගොඩගෙන අධිකරණය දුන් උපදෙස් අනුව කටයුතු කරන ලෙසය.
එමෙන්ම මීට පෙර රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවෙසේදී මියගිය දැරිය නවාතැන් ගෙන සිටි කුඩා කාමරයේ බිත්තියේ ලියා ඇති බව කියන “මගේ මරණයට හේතුව“ යන වැකිය 02 වන දා බදියුදීන්ගේ නිවෙසට ගිය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දැඩි පරීක්ෂාවට ලක්කළ බව වාර්තා වනවා.

එම වැකිය දෙමළ අදහසින් ඉංග්‍රීසියෙන් ලියා තිබෙනවා.

පෑනකින් ලියා තිබූ බව කියන එම වැකිය දැරිය විසින් ලියූ එකක්ද? එසේත් නොමැති නම් දැරිය පිලිස්සී මියයෑමෙන් අනතුරුව පරීක්ෂණ කටයුතු නොමඟ යැවීම සඳහා සිදුකළ ක්‍රියාවක්ද? යන්න තහවුරු කරගැනීම සඳහා රජයේ රස පරීක්ෂක නිලධාරීන් එම ස්ථානයට කැඳවූ අතර අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්ද ඊට සහාය වුණා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More