මෙරට උද්ගත වී ඇති කොවිඩ් -19 හදිසි තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු සෑම විශ්‍රාමිකයෙකුටම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ඇතුළු වීම තාවකාලිකව අතිහිටුවා තිබෙනවා.
ඒ අනූව, විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා විශ්‍රාමිකයන් කැඳවීම සහ විවිධ ගැටලු සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණෙන සියලුම විශ්‍රාමකයන්ගේ පැමිණීම (10)වනදා සිට නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට තීරණය කර ඇති බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී. ඩයස් මහතා නිවේදනය කරයි.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙතින් ලබාගත යුතු සේවාවන් ඇතොත් එය 1970 ක්ෂණික දුරකථන අංකය අමතා ලබා ගන්නා ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...